Thursday, December 20, 2012

ඊයේ හෙද වර්ජනය සාර්ථකයි -හෙද නිලධාරී සංගම් සභාපති


ශිරාන් රණසිංහ

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සම්බන්ධ හෙද නිලධාරීන් ඊයේ (19 වැනිදා) දීප ව්‍යාප්තව කළ එක්‌දින වැඩ වර්ජනය ඉතා සාර්ථක වූ බවත් අදාළ ඉල්ලීම්වලට රජය නිසි පියවර නොගතහොත් ඊළඟ වෘත්තීය ක්‍රියා මාර්ගයට අකමැත්තෙන් වුවද යොමු වන බවත් එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින"ට පැවැසීය.

ඊයේ (19 වැනිදා) වැඩවර්ජනය සඳහා රෝහල් හයසියයක හෙද නිලධාරීන් විසිතුන්දහසක්‌ සහභාගී වූ අතර හදිසි ආපදා තත්ත්වය සලකා හලාවත, කුලියාපිටිය, නිකවැරටිය රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොකළ බවද හෙතෙම කියා සිටියේය.

http://www.divaina.com/2012/12/20/provin05.html

No comments:

Post a Comment