Friday, December 7, 2012

මේ ‍විදියට හාමුරුවො OT එක වැඩිකරනකං බලා හිටියොත් තවත් අවුරුදු 20ක් වත් යාවි


2012 දෙසැම්බර් 07 4.10 p.m

හෙද සේවාව සඳහා උපාධි පිරිනැමීමට රංජය තීරණය කරයි. වසර 20 ට පෙර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජයට කළ විශේෂ යෝජනාවකට අනුව රජය මෙම තීරණය ගෙන ඇත.හෙද උපාධිය පිරි නැමීමට කොළඹ පශ්චාත් හෙද අභ්‍යාස විද්‍යාලය හෙද උපාධි ලබා දෙන විශ්ව විද්‍යාල මණ්ඩපයක් බවට පත් කිරීමට රජය පියවර ‍ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පෙරේදා (05) පැවති විශේෂ සාකච්ඡාවක දී හෙලිවිය. උසස් පෙළ විද්‍යා විෂයන් තුනක් සමතුන්ට මෙම විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උපාධි ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

ශ්‍රියානි විජේසිංහ

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4920:2012-12-07-10-43-04&catid=64:2012-09-10-14-02-45&Itemid=87

No comments:

Post a Comment