Monday, October 7, 2013

වෛද්‍ය මාරුවෙන් කරාපිටියේ සායන සැත්කම් නතර වේ


ඒමන්ති මාරඹේ

ආදේශක වෛද්‍ය පත්වීම් නොමැතිව වෛද්‍යවරුන් වෙනත් රෝහල්වලට මාරුකර හැරීම හේතුවෙන් කරාපිsටිය ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකකය අක්‍රිය තත්ත්වයට පත්ව ඇති අතර අක්‍ෂි සායනය ද නතර වී ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග පැවසීය.

රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සහ දැඩිසත්කාර ඒකකයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 14 දෙනාගෙන් 04 දෙනකු ආදේශක පත්වීම් නොමැතිව වෙනත් රෝහල්වලට මාරුකර හැරීම නිසා පෙරේදා (05 වැනිදා) සිට එම ඒකකවලට රෝගීන් ඇතුළත් කිරීම නැවතී ඇත. සතියේ සඳුදා සිට සිකුරාදා දක්‌වා පැවැත්වෙන රෝහල් අක්‍ෂි සායනයේ යෙදී සිටින නිර්වින්දන වෛද්‍යවරුන් අට දෙනාගෙන් පස්‌දෙනකු මාරුකර යෑවීම හේතුවෙන් අක්‍ෂි සායන ප්‍රතිකාර නතරවී ඇති අතර සාමාන්‍ය අක්‍ෂි සැත්කම් සිදුනොකරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.


 http://www.divaina.com/2013/10/07/news05.html

No comments:

Post a Comment