Wednesday, October 23, 2013

හෙද-පරිපූරක-අතුරු වෛද්‍ය සේවා නොවැ: 1දා දීපව්‍යාප්ත වැඩවර්ජනයක


ටෙෂාරි නලින්දිකා කරනායක

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ගේ දීමනා, වැටුප් හා වෘත්තීයමය වරප්‍රසාද කප්පාදුවට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ලබන මස පළමුවැනිදා රට පුරා එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කරයි.

රාජකාරි බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා ලෙස මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබාදීම, වෛද්‍ය සේවාවට දැනට ගෙවන අතිකාල දීමනාවට සමානුපාතිකව ආරම්භක ශේ‍ර්ණියේ දීමනාව රුපියල් 200ක් වන ලෙස අතිකාල දීමනා වැඩිකිරීම, පළමු හා විශේෂ ශේ්‍රණියේ නිලධාරීන්ට රුපියල් 4000ක සන්නිවේදන දීමනාවක් ලබාදීම, පළමු හා විශේෂ ශේ‍ර්ණි නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම, වැටුප් විසමතා වහා නිවැරැදි කිරීම යන ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ ඉකුත් 14 පැවැති සාකච්ඡාවෙන් පසු පවතින ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ඔවුහු පෙන්වා දෙති.

එක්දින සංකේත වැඩ වර්ජනයට හෙද නිලධාරීන්, වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ නිලධාරීන්, ඔෟෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, භෞත චිකිත්සක නිලධාරීන්, වෘත්තීය චිකිත්සක නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, කීට විද්‍යා සහකාර නිලධාරීන්, දන්ත ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පීන්, ඛන්තු රේඛන ශිල්පීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්, වාග් චිකිත්සක නිලධාරීන්, පාසල් දන්ත චිකිත්සක නිලධාරීන් යනාදී වෘත්තීය සේවාවන්ට අයත් නිලධාරීන් එක්වීමට නියමිතය.

මේ මස 30 වැනිදාට පෙර තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් එම සංකේත වැඩ වර්ජනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීයමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.



http://www.mawbima.lk/34-39601-news-detail.html

No comments:

Post a Comment