Monday, October 14, 2013

කිරිපිටි අර්බුදයට විසදුම



Wednesday, 09 October 2013 16:43

දියරකිරි හැකි ඉක්මණින් මෙරට ප්‍රචලිත කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.
එම සංගමය මේ බව පැවසුවේ ඊයේ (08)ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ ශ්‍රවණාගාරයේ පැවති "කිරිපිටි අර්බුදය සහ නියාමකයන්ගේ වගකීම "යන තේමාව යටතේ පැවති විද්වත් සංවාදයට එක් වෙමිනි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින් ද සොයිසා මහතා කිරිපිටි ආනයනය කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිව් වන ස්ථානයේ පසුවන බවත් ,පෝෂණ ප්‍රතිපත්තියක් අප රට තුළ පැවතුණද කිරිපිටි වලට මෙවැනි ස්ථානයක් හිමිවිම කණගාටුවට කරුණක් බව වැඩිදුරටත් කියා සිටියා. 2016දි දියර කිරි ප්‍රචලිත කරනවා යැයි සඳහන් කල මේ රජයේ අමාත්‍යාංශවල නිළධාරීන් මෙතෙක් මේ වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙල කුමක්ද ?සහ මේ අමාත්‍යාංශ නිදියගෙන කටයුතු කරනවාද? යනුවෙන් නවින් ද සොයිසා මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියා.

දේශපාලනිකයන් හැම විටම කටයුතු කරන්නේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට බවත් නමුත් අපේ පරම්පරාවට කිරි පිටි පොවනවා යැයි කියමින් වස පෙවීම අපට බලා සිටිමට නොහැකි බවයි නවින් ද සොයිසා මහතා මෙහිදී පෙන්වා දුන්නේ. ඖෂධ ප්‍රතිපත්තිය අද වන විට මුදලට විකිණී ඇති බවත්,1986දි ගෙනා ඖෂධ පනත මේ වන විටත් සංශෝදනය නොකරන්නේ කුමන හේතුවක් නිසාද යනුවෙන් නවින් ද සොයිසා මහතා මෙහිදි ප්‍රශ්න කර සිටියා. දියර කිරි ප්‍රවර්ධනයට ,මව්කිරි ප්‍රවර්ධනයට ආහාර අධිකාරිය ඇතුළු අංශ ගණනාවට නොහැකිවීම මේ වන විට අපටද ගැටළුවක්ව ඇතිවී තිබෙන බවයි නවින් ද සොයිසා මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ. ආහාර පිළිබද ඇති පනත වහාම සංශෝදනය විය යුතු බවත් එසේ කිරීමට බළධාරින් ඉදිරිපත් නොවීම පිළිබද සැකයක්ද පවතින බවයි වෛද්‍ය නවින් ද සොයිසා මහතා මෙහිදි අවධාරණය කර සිටියේ.

මෙම විද්වත් සාකච්ඡාව සඳහා එක්ව සිටි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා සඳහන් කලේ කිරිපිටි සම්බන්ධයෙන් පසු ගියදා ගත් තීරණ සම්බන්ධයෙන් ගැටලූ පවතින බවයි. 2012 වර්ෂයේ කිරිපිටි ගෙන්වීම සඳහා රුපියල් මිලියන 35,000 වැය වී ඇති බවත් දියරකිරි ප්‍රවර්ධනය කළ යුතුයි කියා ප්‍රකාශ කරන මේ ආණ්ඩුව මේ ආකාරයට ජනතා මුදල් නාස්ති කිරිම එතරම් සුභ නොවන බවයි සමන් රත්නප‍්‍රිය මහතා පෙන්වා දුන්නේ. කිරිපිටි අප ශරිරයට අත්‍යවශ්‍ය නොවන බවත් ,ආණ්ඩුව දියර කිරි ප්‍රවර්ධනය කරන තුරු දැවැන්ත වශයෙන් මේ ආකාරයෙන් විරෝධතාවය දක්වන බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.


 http://www.lakpuvath.lk/news-news/item/6890-2013-10-09-11-14-17

No comments:

Post a Comment