Monday, October 7, 2013

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධව වෘත්තීය සමිති 16කින් සමන්විත නව සංවිධානයක්

සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් වන හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීම සඳහා හෙද, පරිපූරක හා හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය නමින් වෘත්තීය සමිති 16කින් සමන්විත නව සංවිධානයක් පිහිටුවා ගෙන තිබේ.

රට පුරා සියලු රෝහල්, සෞඛ්‍ය ආයතන හා ක්ෂේත්‍රගතව සේවා සිදුකරන තිස්පන්දහසකට අධික සමාජිකත්වයට බලපා ඇති දීමනා සම්බන්ධ අසාධාරණකම් හා වරප්‍රසාද කප්පාදුවට එරෙහිව කටයුතු කිරීම මේ නව සංවිධානයේ අරමුණවී තිබේ.

මේ වනවිට සෞඛ්‍ය සේවාවේ දක්නට ලැබෙන බරපතළ ගැටලුවක් වන දීමනා අසමතුලිතතාව හා වරප්‍රසාද කප්පාදුව නතර කිරීම සඳහා ප්‍රධාන ඉල්ලීම් 5ක් සාකච්ඡා මාර්ගයෙන් ලබා ගැනිම නව සංවිධානයේ මූලික උත්සාහයවී තිබේ.

සෞඛ්‍ය සේවාවට අයත් එක් සේවාවක් සඳහා පමණක් වැටුපට අමතරව ගෙවන දීමනා පසුගිය අවුරුදු කිහිපයේ රජය වැඩි කර ඇති බවත් මේ සංගමය පෙන්වා දෙයි.

මෙලෙස 2013 වර්ෂයේ ආරම්භයේ මාසිකව වැඩි කරන ලද රුපයල් 10,000 දීමනාව ඉහත සෞඛ්‍ය වෘත්තිකයන්ට ද ලබා දිය යුතු බවත් මේ සංවිධානය ඉල්ලා සිටී.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ, රජයේ ඖෂවේදීන්ගේ සංගමය, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ වෘත්තීය චිකිත්සක නිලධාරින්ගේ සංගමය, රජයේ විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පී සංගමය, සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමය, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී සංගමය, රජයේ පාසල් දන්ත චිකිත්සක සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, රජයේ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ සංගමය, රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමය, රජයේ වාග් චිකිත්සක නිලධාරීනගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, රජයේ අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ දන්ත ශිල්පී සංගමය හා රජයේ ඛන්තු රේඛන ශිල්පී සංගමය යන වෘත්තීය සමිති දහසය නව සංවිධානයට අයත් බව හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

 http://www.dinamina.lk/2013/10/07/_art.asp?fn=n13100716

No comments:

Post a Comment