Saturday, October 26, 2013

හෙද සිසුන් බිලීබා ගැනීමේ කුමන්ත‍්‍රණක්





අමාත්‍යාංශයේ අනුග‍්‍රහයෙන් වංචනිකව හෙද සිසුන් බීලි බා ගැනිමක් සිදු වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ වැඩමුලූ පවත්වන මුවාවෙන් හෙද සිසුන් වරින් වර අභයරාමයට කැදවා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග‍්‍රහයෙන් හෙද සිසුන් තම සංගමයට බීලිබා ගැනිමේ කුමන්ත‍්‍රණකාරි වැඩපිලිවෙලක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මේ මොහොතේ කි‍්‍රයාත්මක කරමින් සිටින බවයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ 2013 ඔක්. 21 දින සිට 25 දින දක්වා එක දිනකට එක් හෙද විදුහලක් බැගින් තෝරාගෙන එම විදුහලේ පුහුණුව අවසන් කල හෙද සිසුන් වැඩමුලූ පැවැත්විමට යයි අභයරාමයට කැදවා ඇති බවයි. මෙලෙස කල කැදවිම් අතර ඔක්. 23 දින මහනුවර හෙද විදුහලේ ළමුන්ද, ඔක්. 24 දින ජයවර්ධනපුර හෙද විදුහලේ ළමුන්ද කැදවා ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබේ. මෙම සිසුන් කැදවා වැඩමුලූ පවත්වන මුවාවෙන් ඔවුන්ට එක්සත් හෙද සංගමයේ සාමාජික අයදුම්පත ලබාදී බලහත්කාරයෙන් පුරවාගෙන ඇත.

ජයවර්ධනපුර හෙද විදුහලේ සිසුන් අයදුම්පත් පුරවාදීම ප‍්‍රතික්ෂේප කලවිට එම ළමුන්ට දැඩි ලෙස බලපෑම් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ. මෙම කුමන්ත‍්‍රණකාරි වැඩසටහන සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වාහන සපයාදී ඇති අතර අමාත්‍යාංශ නිලධාරින් අභයරාමයේ දේශන සදහාද සහභාගිවී ඇති බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙලෙස අධ්‍යාපන වැඩමුලූවක් මුවාවෙන් හෙද සිසුන් කැදවා බලපෑම් කිරිම හා බලහත්කාරයෙන් එවැනි සාමාජිකත්වයට බදවා ගැනිම බරපතල වැරැද්දකි. එවැනි කුමන්ත‍්‍රණකාරි වැඩ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය උඩගෙඩි දීම ද බරපතල වරදක් බවයි.

එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ අද සෞඛ්‍ය අමාත්‍යංශය නිතීයක් නැති අම්බලමක් වැනි තත්වයට පත්ව තිබීම අතිශය කනගාටුවට කරුණකි. හෙද සිසුන්ට තමා කැමති සංගමයක් තෝරා ගැනිමේ අයිතිය තිබිය යුතු අතර මෙලෙස එම අයිතිය කොල්ලකෑම පිලිකුලෙන් යුතුව හෙලා දකින බව ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 http://www.lakpuvath.lk/news-news/item/7270-2013-10-26-06-59-55

No comments:

Post a Comment