Monday, October 14, 2013

ඩීසීඩී අනතුර කිරිපිටි වලින් ඉවත් වෙලාද?



අවසාන යාවත්කාලීන කිරීම :  2013 ඔක්තෝබර් 13 ඉරිදා - 17:19 GMT 

ශ්‍රී ලංකාවේ වෙළඳපලට මුදාහැර ඇති ආනයනය කල කිරිපිටි වල අනතුරු දායක ඩීසීඩී රසායනය නැති බවට ඒවා ආනයනය කළ සමාගම් සහතික කළද එම සහතිකය සැක සහිත බව ඒ පිලිබඳ විමසිල්ලෙන් පසුවන සංවිධාන පවසති.

කිරි පිටි සමාගම් කුමක් කීවද ඩීසීඩී අනතුර තවමත් පහව ගොස් නැති බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කරයි.
එවකට ආනයනය කර තිබූ කිරි පිටි පැකට් එක් කෝටි විසි ලක්ෂයකින් වෙළඳ පලට නිකුත්ව තිබූ සුළු ප්‍රමාණය හැරුණු විට ඉතිරිය විනාශ කල බවට කිසිදු සාක්ෂියක් නැති බැවින් සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් එම සමාගම් සතුව පැවතිය යුතු බවට ඔහු සැක පහල කරයි.

කිරි පිටි වෙනුවට දියර කිරි

එක් වසරකදී පමණක් කිරි පිටි ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන හතලිස් දහසක් වැය කරන බව පවසන රාජ්‍ය පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් බීඑම්එම් ඒකනායක කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය විවිධ පහසුකම් කිරි ගොවීනට ලබාදීමට තම සංගමය මැදිහත් කරුවකු ලෙස කටයුතු කරණ බව සඳහන් කරයි.
මේ අතර රාජ්‍ය පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පසුගියදා මහනුවරදී සංවිධානය කර තිබූ කිරි නිෂ්පාදනය පිලිබඳ වැඩ මුලුවක දී මතුවූ කරුණක් වුයේ වසර 2016 දී දියර කිරි වලින් ස්වයංපෝෂිත වීම රජයේ ඉලක්කය වුවද එම ඉලක්කය සැපිරීමේදී බාධකව පවතින කරුණු පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේද යන්නයි.

http://www.bbc.co.uk/sinhala/multimedia/2013/10/131007_milk_powder_dcd.shtml





No comments:

Post a Comment