Thursday, October 17, 2013

දීමනා ලබා ගැනීමට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති 15ක් දීප ව්‍යාප්ත වර්ජනයකට අරඅ`දී

සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ සේවය කරනු ලබන හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගම් පහළොවක් එකමුතුව තම දීමනා ලබා ගැනීම සදහා මේ මස අවසානයේ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප‍්‍රකාශකර සිටියේ හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් දැනුවත් කිරීමේ අනුරාධපුර පැවති පළමු පළාත් සම්මේලනයට සහභාගි වී  ඉකුත් (15) පස්වරුවේ අනුරාධපුර ගොඩගේ මාවතේ පිහිටි ක්‍රෙස්ටන් පාර්ක් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකට එක් වෙමින්ය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා අපගේ ඉල්ලම් පහක් තිබෙනවා. හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීන්වල නිරත නිලධාරීන්ගේ රාජකාරි බටා හා ප‍්‍රවාහන දීමනා ලෙස  රුපියල් 10000 ක දීමනාවක් ලබා ගැනීමයි. ඊට අමතරව ආරම්භක ශ්‍රේණියේ අතිකාල දීමනා ලෙස රුපියල් 200 ක් වන ලෙස  වැඩිකර ගැනීම පළමු සහ විශේෂ ශ්‍රේණි නිලධාරීන්ට සන්නිවේදන දීමනා ලෙස  රුපියල් 4000 ක් ලබා ගැනීමයි. ඊට අමතරව වැටුප් විෂමතාවන් නිවැරදි කර ගැනීම හා පළමු පියවර ලෙස පළමු හා විශේෂ ශ්‍රේණි නිළධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබා ගැනීමයි.
සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් බලවේගයන්ට අවනත වෙමින්  ආරම්භක වෛද්‍යවරයකු සදහා වූ රාජකාරි බටා හා ප‍්‍රවාහන දීමනාව ලෙස 1992 වර්ෂය වන විට ලබාදුන් රුපියල් 2000ක දීමනාව 2013 වර්ෂය වන විට රුපියල් 25000ක් දක්වා ඉහළ දැමුවා.  අනෙකුත් වෘත්තීය සේවාවන්වල නියුතු නිලධාරීන්ගේ දීමනාවන් සමාන්තර ලෙස වැඩි කිරීමට කටයුතු නොකිරීම නිසා මෙවැනි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට යොමු වීමට අපට සිදුවී තිබෙනවා යැයි සභාපතිවරයා පැවසීය.

සෞඛ්‍ය සේවාව වෘත්තීය සේවාවන් රැුසක එකතුවක්. අපේ රටේ සෞඛ්‍ය සේවයේ නියුතු හෙද පරිපුරක අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් සංඛ්‍යාව 45000 කට අධික වෙනවා. අනුයාත වැටුප් පියවරයන් සහිත අප සේවාවන් සමාන වෘත්තීයමය ගැටලූ අසාධාරණකම් හා අසමාන සැලකුම් වලට ලක්ව තිබෙනවා. මීට ප‍්‍රධාන හේතුව තමයි වැටුප් දීමනා වරප‍්‍රසාද සහ පහසුකම් එක් සේවාවකට පමණක් ලබාදීමත් අප සේවාවන්ට එම පහසුකම් ලබා නොදීම බරපතළ අසාධාරණයක් හා නොසැලකීමක් බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය පර්යේෂණාගාර තාක්‍ෂණ විද්‍යාඥ සංගමයේ සභාපති ජානක නිශාන්ත මහතා කියා සිටියේ සෞඛ්‍ය බලධාරීන් තම ඉල්ලීම් ඉදිරියේදී ලබා දීමට අපොහොසත් වුවහොත් තම වෘත්තීය සමිති බලමණ්ඩලය දීපව්‍යප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට තීරණය කර තිබෙනවා. 

මෙසේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට සියලූ පළාත් ආවරණය කරමින් තම සංගම්වල සාමාජික,සාමාජිකාවන් දැනුවත් කර සූදානම් කිරීමේ පළමු වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කළා.  ඉදිරියේදී ගාල්ල  කරාපිටිය, රත්නපුර, කළුබෝවිල, මහනුවර, කුරුණෑගල, රාගම සහ කොළඹ ජාතික රෝහල දක්වා මෙම දැනුවත් කිරීම් ව්‍යාප්ත කරන බවද ඒ මහතා පැවසීය. 

මෙහිදී අදහස් දැක්වූ රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් අජිත් පී. තිලකරත්න මහතා තම සාමාජික,සාමාජිකාවන්ට සිදුව ඇති අසාධාරණය පෙන්වා දී මේ මස තිස් එක්වෙනි(31*දිනට පෙර සෞඛ්‍ය බලධාරීන් විසින් තම වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට අපොහොසත් වුවහොත් තම වෘත්තීය සමිති බලමණ්ඩලය තීරණය කරනු ලබන නුදුරු දිනයකදී දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කිරීමට තම සංගමය ක‍්‍රියාකරන බව ඔහු මෙහිදී  අවධාරණය කළේය.

විජය බුද්ධික - අනුරාධපුර


 http://www.rivira.lk/

No comments:

Post a Comment