Sunday, March 18, 2012

හෘද සැත්කම් සඳහා මාස ගණන් ‍පොරොත්තු ‍ලේඛනවල හිඳීමේ ඛෙදවාචකය

2012 මාර්තු 17 වෙනි සෙනසුරාදා, 17:04

වරුණ අබේසේකර

මේ සමාජ - ආර්ථික ක්‍රමය නිසා නිර්මාණය වූ තරගකාරී ජීවන රැල්ල බොහෝ අය හදවත් රෝගීන් බවට පත්කර ඇති බව රහසක් නොවේ.

එසේ හදවත් රෝග සඳහා ප්‍රතිකාර ලබන බොහෝ රෝගීන්ගේ ඊළඟ පියවර බයිපාස් සැත්කමක් කරගැනීම සඳහා රජයේ රෝහල්වල ‍පොරොත්තු ‍ලේඛනය දෙස බල බලා සුසුම්ලෑමය. මේ අතර නොබෝදා ජාතික රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල්ද සිල්වා මාධ්‍යවලට වාර්තා කළේ බයිපාස් සැත්කම් කළ යුතු රෝගීන් ‍පොරොත්තු ‍ලේඛනයේ සිටිය යුතු කාලය වසර තුනේ සිට මාස පහ දක්වා අඩුකිරීමට සමත්වූ බවය. සැබැවින්ම මෙයනම් දිව්‍ය වරමක් යැයි බයිපාස් සැත්කමක් කරගැනීමට අපේක්ෂාවෙන් සිටින අසරණ රෝගියා කල්පනාකරනු නිසැකය. වසර තුනක කාලය මාස පහකට අඩුවීම හොඳය. උන්න හැටියට මළා නම් හොඳායැයි කිව්වානේ

එහෙත් අපට මෙහිලා ප්‍රශ්න කීපයක් මතුවේ. හදවත් රෝගියෙකු යනු සාමාන්‍ය ව්‍යාධි ආපන්න පුද්ගලයෙක් නොවෙයි. අප දන්නා පරිදි හදවත් රෝගියා ජීවිතයත්, මරණයත් අතර මහා සටනේ යෙදෙන්නෙකි. එබඳු රෝගියෙකුට මාස පහක් වුවද පොරොත්තු ‍ලේඛනයේ සිටීමට වීම කෙතරම් ඛිෙදජනකද? මාස පහක් යනු සුළුපටු කාලයක් නොවේ. බොහෝ දුරට මේ කාලය තුළදී හදවත් රෝගියා මිය යාමට ඇති ඉඩකඩද බොහෝය.

බොහෝ රෝගීන්ට විශාල මුදලක් ගෙවා මෙරටදී හෝ පිටරටදී හදවත් සැත්කමක් කරගත නොහැකිය. එහෙත් සමහරු තියෙන සන්තකයම විකුණා හෝ උකස්කර සැත්කම කරගැනීමට නොපෙළඹෙනවා නොවේ. මින් සමාජීය වශයෙන් ඇතිවන අසරණභාවය කොතරම්ද?

අනෙක් කරුණ නම් මේ ‍පොරොත්තු ‍ලේඛනයටද දේශපාලනය ආදී විවිධ බලපෑම්වලින් මිදිල්ලක් නොමැතිවීමය. මේ සියල්ල අගතිගාමී දේශපාලනකරණයට නිලධාරිවාදයට යටවූ පසුබිමක ජීවිතයක පැවැත්ම තීරණය කරන ‍පොරොත්තු ‍ලේඛනයකටද බලපෑම් ඇතිවීම පුදුම සහගත නොවේ. අපට හමුවූ රෝගියෙක් පැවසුවේ එබඳු දේශපාලන බලපෑමක් උඩ තමන්ගේ නම ලැයිස්තුවේ යටට ගිය බවය. බොහෝ අය ‍පොරොත්තු ‍ලේඛනයේ තිබෙන නම කවදා උඩට මතුවේදෝයි කල්පනා කරමින් සුසුම් හෙළති.

එසේම සාමාන්‍ය රෝගීන්ට සේම හදවත් රෝගීන්ටද පිටතින් වරින්වර කළ යුතු පරීක්ෂණ රාශියකි. ඒවා කරගත යුත්තේ සුපිරි රෝහල්වල රසායනාගාර මගිනි. සැබැවින්ම අද මෙරට නිදහස් අධ්‍යාපනය සේම නිදහස් සෞඛ්‍ය සම්බන්ධයෙන්ද අපට දක්නට ලැබෙන්නේ එපාවාහෙට පලා බෙදන පිළිවෙත අනුගමනය කරන ආකාරයයි.

මෙසේ නිදහස් සෞඛ්‍ය මිත්‍යාවක් වෙමින් පවතින පසුබිමක බයිපාස් සැත්කම් කිරීමේ ‍පොරොත්තු ‍ලේඛනයේ සිටිය යුතු දළ සීමාව මාස පහ දක්වා අඩු කිරීම ප්‍රායෝගික යථාර්ථයක්ද? අනෙක් අතට එතරම් කාලයක් රෝගීන්ට බලන් ඉන්නට සිදුවෙන්නේ ඇයි?

ඒ ගැන සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ගිෂාන්ත දසනායක කියන්නේ මෙවැනි කතාවකි.

අපේ රටේ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් තිබෙනවා. අනික ඒකට අපට පහසුකම් නැහැ. සාමාන්‍යයෙන් බයිපාස් සැත්කමක් කළ රෝගියෙක් පැය 48ක්වත් දැඩි සත්කාර ඒකකයේ සිටිය යුතුයි.

හැබැයි දැඩි සත්කාර ඒකකය හදවත් සැත්කම් කළ රෝගීන්ට විතරක් වෙන්කරන්නත් බැහැ. රෝහල්වල නිතරම හදිසි රෝගීන් ඉන්නවා. මේ රෝගීන්නුත් දැඩි සත්කාර ඒකකයේ රඳවන්න වෙනවා.

මෙන්න මෙවැනි පසුබිමක තමයි මේ අලුත් වැඩපිළිවෙළ එන්නේ. ඒක කෙතරම් ප්‍රායෝගිකද යන්න බලා ගැනීමට අපට කාලයට ඉඩ දිය යුතුවෙනවා.

දවසට රෝගීන් 25ක් පමණ කපනවා කියන එක ‍නෙවෙයි වැඩේ. ඊට වැඩපිළිවෙළක් තිබිය යුතුය. කෙසේ වුවත් අපට නම් පේන්න තියෙන්නේ මේ පහසුකම් දියුණු කරන්න රජයට උවමනාවක් නැහැ කියන එකයි.

රජයට වුවමනා වෙලා තියෙන්නේ මේ සෞඛ්‍ය සේවාව හෙමින් සැරේ අතහැරලා දාලා ඒක පෞද්ගලික අංශයට භාර දෙන්නයි. ඒ නිසා ‍පොරොත්තු ‍ලේඛන කාලය තවත් අඩු කරන්න පුළුවන් විදියට පහසුකම් දියුණු කිරීමට රජය යොමු වෙන්නේ නැහැ.
හදවත් රෝගය අද ප්‍රබල සෞඛ්‍ය අර්බුදයකි. එබඳු යථාර්ථයක් පවතිද්දී එම රෝගීන්ට වහා ප්‍රතිකාර කළ හැකි ආකාරයට වෛද්‍යවරුන් සේම අනෙක් පහසුකම් සංවර්ධනය කිරීම රජයේ වගකීමක් නොවේද? රජය පාර්ශ්වයෙන් නිතර ඇසෙන අ¼ෙදා්නාවක් නම් එවැනි අයුරින් පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වුවමනා කරන මුදල් නොමැති බවයි.

රජයේ මේ අඳෝනාව කෙතරම්දුරට පිළිගත හැක්කක්ද? ඒ පිළිබඳව අප විමසූ විට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කරුණු පැහැදිලි කළේ මෙසේය.

ආණ්ඩුව හැමවිටම ඔය ඔබ කියූ මැසිවිල්ල නගනවා. නමුත් අප අමතක නොකළ යුතුයි දුම්කොළ සහ මද්‍යසාර බද්දෙන් රජයට විශාල ආදායමක් ලැබෙනවා. මේ බද්ද ගැන කතා කරන ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ ඉන් ලැබෙන මුදලෙන් සැලකිය යුතු කොටසක් සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා යෙදිය යුතු බවයි. මම 2009 දී ඉන්දුනීසියාවේ පැවැත්වූ ලෝක සෞඛ්‍ය සංවිධාන යේ සම්මන්ත්‍රණයකට සහභාගි වුණා.

ඒ සම්මන්ත්‍රණයේදීත් ඔය මං කියූ කරුණ ගැන සාකච්ඡා කළා. හැබැයි මෙහේ එහෙම වෙන්නේ නැහැ. සෞඛ්‍ය ප්‍රවර්ධනයට කෙසේ වෙතත් වෙනත් විය හියදම් සඳහා නම් ඔය බද්දෙන් ලැබෙන මුදල් රජය පාවිච්චි කරනවා. උදාහරණයක් වශයෙන් තායිලන්තය ගත්තොත් අපේ රටේ වගේම එහෙත් හෘද රෝගීන් බහුලව ඉන්නවා. හැබැයි තායිලන්තය රෝග නිවාරණය පැත්ත ගැන ලොකු අවධානයක් යොමු කරනවා. ඒ සඳහා තායි සෞඛ්‍ය ප්‍රවර්ධන ආයතනය නමින් ස්වාධීනව කටයුතු කරන, නමුත් රජයේ නොමද අනුග්‍රහය ලබන ආයතනයක් තිබෙනවා.

ඒ රටේ නීතිය අනුව අග මැතිවරයාත් ඒ ආයතනයේ සාමාජිකත්වය දරනවා. තායිලන්ත රජය දුම්කොළ සහ මද්‍යසාර බද්දෙන් සියයට දෙකක පමණ මුදලක් ඒ ආයතනයට ලබා දෙනවා. මං මේ කියන්නේ 2005 දී මම එම ආයතනයට ගොස් ලබා ගත් දත්ත අනුවයි. ඒ අනුව එම වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 58 ක් පමණ සෞඛ්‍ය ප්‍රවර්ධන ආයතනයට ලැබිලා තිබුණා. දැන් ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවා ඇති.

අපත් මේ ලෝක ප්‍රවණතා ගැන අවධානය යොමු කර, අධ්‍යයනය කර සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති කෙටුම් පතක් සකස් කර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කැබිනට්ටුවට දැම්මා. නමුත් තවම ඒකට වෙච්ච දෙයක් ගැන ආරංචියක් නැහැ. මේවාට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, බලධාරීන් වගකිව යුතුයි. සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා දුම්කොළ සහ මද්‍යසාර බද්දෙන් යම් කොටසක් වෙන්න කළ යුතු බව එම කෙටුම්පතේ දක්වා තිබෙනවා. පසුවී හෝ ඒ කෙටුම් පත ගැන අවධානය යොමු කර දිස්ත්‍රික් මට්ටමින් කොළඹ මහ රෝහ‍ලේ වගේ පහසුකම් සහිත හෘදය ඒකක පිහිටුවීමට රජය කටයුතු කළ යුතුයි. එහෙම වුණොත් බයිපාස් එකක් වගේ ශල්‍යකර්මයක් කර ගැනීමට පවා මාස ගණන් බලන් ඉඳිල්ල නතර වේවි.

ජනතාවාදීව කල්පනා කර එබඳු පියවරක් ගැනීමට ආණ්ඩුව යොමු වේවිද? ඊට මාර්ගයක් තිබිය දීත් බලධාරීන් ඒ මාර්ගය බයිපාස් කරන්නේ ඇයි?

මේ ආණ්ඩුවද ඉතිහාසයේ අනෙක් නාස්තිකාර ආණ්ඩු මෙන්ම දැයට කිරුළ ආදී අර්ථ විරහිත වැඩ සටහන් සඳහා මුදල් කා දමයි. වාර්තා වන විදියට 'දැයට කිරුළට' රුපියල් කෝටි දෙදාහක් පමණ වැයවී ඇත. මේ මහජන ධනයයි. මෙවැනි මුදල් වලින් හදවත් රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් පුහුණු කිරීමට සහ ඊටම වෙන් වූ පූර්ණ රෝහලක් ආදිය ඇති කර ගත නොහැකිද? එසේම පිටරටවලින් කෝටි ගණනින් ලැබෙන මුදල් පරිත්‍යාගද පවා ආණ්ඩුව යොදවන්නේ මහපරිමාණ රංගන ශාලා උස කුළුණු ආදිය ඉදිකිරීමටය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන ගෙන් ගත හැකි ආදර්ශයක් තිබේ.

ජපානය වරක් අපේ රටට යම් පරිත්‍යාගයක් කිරීමට ජේ.ආර්. ජයවර්ධන ගෙන් විමසුවිට ඔහු පැවසුවේ තම රටට අංග සම්පූර්ණ මහ රෝහලක් ඉදිකර දෙන ලෙසය. ජපානය ඊට එකඟ වී අපට ජයවර්ධන පුර මහ රෝහල ඉදිකර දුන්නේය.

ඇත්තෙන්ම ජේ.ආර්. ජයවර්ධන ගේ ආදර්ශය කෙතරම් ශේ්‍රෂ්ඨද? රටක කවර දෙයක් හෝ කිරීමට පෙර ඒ රටේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතියට රැකවරණයක් ලැබිය යුතුය. එහෙත් අපේ රටේ හදවත් රෝගියාට මාස පහක් තමන්ගේ ජීවිතය ගැන නොතකා සිටින්නට සිදු වී තිබේ

lakbima

No comments:

Post a Comment