Saturday, December 28, 2013
බාල ඖෂධ වර්ග 202ක් රජයේ රෝහල්වලට දීලා
ඒමන්ති මාරඹේ
පසුගිය මාස විසිදෙකක (22) කාලය තුළ රජයේ රෝහල්වලට සපයන ලද බෙහෙත් හා එන්නත් වර්ග 202 ක් තත්ත්වයෙන් බාල ඒවා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරගෙන ඇත.
ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි සමාගම් 71 විසින් මෙම බෙහෙත් සහ එන්නත් වර්ග රෝහල්වලට සපයා ඇති අතර ඒවා බාල ඒවා බවට ඔප්පුකර ගැනීමෙන් පසු භාවිතයෙන් ඉවත්කර තිබේ.
මෙසේ භාවිතයෙන් ඉවත් කරන ලද බෙහෙත් හා එන්නත් වර්ග අතුරින් වර්ග 32 ක් කිහිප වතාවක්‌ම තත්ත්වයෙන් බාල බවට පරීක්‍ෂණවලදී තහවුරු වී තිබූ බව ඖෂධ අධිකාරි ආරංචි මාර්ග සඳහන් කරයි. එම බෙහෙත් වර්ගවලින් ඇතැමක වීදුරු කැබලි, කුඩු වර්ග ඇතුළු අපද්‍රව්‍ය අඩංගුව තිබී සොයාගෙන තිබිණි.
තත්ත්වයෙන් බාල බවට තහවුරු වී භාවිතයෙන් ඉවත් කළ බෙහෙත් වර්ග අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, වමනය, ආසාධනයන්, ඇතුළු රෝගාබාධයන් සඳහා බහුලව භාවිත වන බෙහෙත් වර්ග වන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment