2012 මාර්තු 15 වෙනි බ්‍රහස්පතින්දා, 16:46 |
ජාතික පාසල් ගුරුවරුන්ගේ ස්ථානමාරු සම්බන්ධව වගකීම් ඇත්තේ ජාතික පාසැල් මාරු මණ්ඩලයටය. මෙය පසුගිය කාලය පුරාවට කැඳවා නැති අතර පෙබරවාරි 27 දින සිට නැවත කැඳවීමට පටන්ගෙන තිබේ.
දැනට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ පවතින අභ්‍යන්තර ගැටුම නිසා එහි නියෝජිතයෙකුට නීත්‍යානුකූලව මාරු මණ්ඩලය තුල වාඩිවීමට නොහැකි වී ඇති අතර එනිසා මාරු මණ්ඩල නතර කරන ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලා ඇති බවද වාර්තාවේ.
ඒ අනුව මාර්තු 6 දින අධ්‍යාපන ඇමතිවරයා වෘත්තීය සමිති කැඳවා සාකච්ඡුාවක් කර ඇත. එම සාකච්ඡුාව අවසානයේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා වෘත්තීය සමිති නියෝජිතයින්ට අපූරු කථාවක් පවසා ඇත.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවො ආණ්ඩුවට අවශ්‍ය විදියට සෞඛ්‍ය සේවාවේ සටන් නතර කරල ආණ්ඩුවට ඉහල සහනයක් දෙන කෙනෙක් බවත් එහි තිබෙන ප්‍රශ්න ඔක්කොම පාලනය කරගෙන ආණ්ඩුව ආරක්ෂා කරන බවත් ඒ නිසා හාමුදුරුවො කියන දෙයක් තමන්ට අහකදාන්න බැරි බවත්ය. ඒ නිසා ජාතික පාසල් මාරු මණ්ඩලය තමන්ට නතර කිරීමට සිදුවන බවත්ය.
මේවන විට මාරු මණ්ඩලය නතර කොට දමා ඇති අතර ඉන් ගුරුවරු 4000 ක් පමණ මහත් අසීරුතාවට ලක්වී ඇති බවද කියැවේ.
ඉහත සාකච්ඡුාව යන අතරතුර අධ්‍යාපන ඇමතිවරයා වරින්වර ආනන්ද හිමි සමග ටෙලිෆෝනයෙන් සාකච්ඡුා කළ බවද සාකච්ඡාවට සහභාගීවුන්ගෙන් කිහිප දෙනෙකු අප සමග පවසා සිටියේය.
තමන්ට වඩාත් කණගාටු මෙහෙව් වෘත්තීය සමිති නායකයින්ගේ නායකත්වය තවදුරටත් සාමාජිකයින් විසින් බවසා සිටීම යැයිද ඔවුහු තවදුරටත් පවසා සිටියේය.
unions.lk
No comments:
Post a Comment