2012 මාර්තු 17 වෙනි සෙනසුරාදා, 02:28
අජිත් පුෂ්පකුමාර
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී දරු ප්‍රසූතියෙන් පසු මියගිය මවගේ මරණය ස්වාභාවික මරණයක් නොවන බවත්, මෙහිදී සිදු වී තිබෙන අත්වැරැද්ද සම්බන්ධයෙන් අදාළ ආයතන තීරණයක් ගත යුතු යැයි ද කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම මහතා ඊයේ (16) පැවැසීය. දරු ප්‍රසූතියෙන් පසු මියගොස් ඇත්තේ නො. 14/1, හොරගොල්ලවත්ත, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගබ්බලගේ මධුෂානි නිසංසලා (27) නම් තැනැත්තියකි. මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණයකින් පසු මරණයට හේතු වූ කරුණු කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම මහතා ඉදිරිපත් කරමින් මෙසේද පැවැසීය.
දරුවාට මවක් වගේම සැමියාට බිරිඳක් අහිමි වුණා. කුඩා කාලයේදීම දරුවාට මව් සෙනෙහස අහිමි වුණා. මේ සම්බන්ධව තීරණයක් ගත යුත්තේ මෙයට සම්බන්ධ අදාළ ආයතනයි.
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍ය එරින් නානායක්කාර මහත්මිය, නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණ, සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ (ඖෂධ) ඇල්පිටියේ දයාරත්න, ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ලූෂන් ජයසූරිය, මියගිය අයගේ සැමියා වන කළුවාගේ ගාමිණි වසන්ත අබේධීර මහත්වරුන්ද ඉකුත් දා සාක්ෂි ලබා දුන්හ. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී සී.කේ. රාජගුරු මහතා සිදු කළේය.
බහුවිධ ග්‍රන්ථි අක්‍රියවීම, අදරය සහ තුනටිය ප්‍රදේශය පැසවීම මරණයට හේතුවී ඇති බව වෛද්‍ය වාර්තාවල සඳහන් වේ.
මරදාන පොලීසියේ සැරයන් ලාල් පතිරණ (27689) මහතා සාක්ෂි මෙහෙය වීය.
Lakbima
No comments:
Post a Comment