Saturday, January 5, 2013

භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබීම නිසා සෞඛ්ය0 අමාත්යාං ශය අසීරු අඩියක


Friday, 04 January 2013 18:46



මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු මුළුමනින්ම ඇනහිට ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට අමාත්‍යාංශයට පිටත සේවා ස්ථාන වලින් ලබා ගත් සේවාවන් සදහා රුපියල් කෝටි 500කට අධික මුදලක් ගෙවීමට ඇති බැවින් එම සේවා ආයතන වලින් අමාත්‍යාංශයට සේවාවන් ලබා දීම මුළුමනින්ම නතර කොට ඇත.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මහා භාණ්ඩාගාරය මගින් පුනරාවර්තන වියදම් ලබා නොදීම හේතුවෙන් අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ ලිපිද්‍රව්‍ය වල බරපතල හිගයක් මතුව ඇත.
සේවකයන්ගේ අතිකාල දීමනා සහ සංයුක්ත දීමනා පවා ලබා දීමට නොහැකි වීමෙන් ඔවුහු දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇතැයි අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

http://www.srilankanews.lk/sinhala/news/localnews/1765-%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94-%E0%B6%85%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A

No comments:

Post a Comment