Saturday, January 5, 2013

ස්‌වාධීන කමිටුවට වෛද්‍ය සභාවේ ප්‍රසාදය- මහාචාර්ය කාලෝ ෆොන්සේකා


අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කිරීමට යන ස්‌වාධීන කමිටුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සිය ප්‍රසාදය පළකර සිටින බව එම සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ මගින් දැනුම් දී තිබේ.

පත්කිරීමට නියමිත ස්‌වාධීන කමිටුqවෙහි ස්‌වාධීනත්වය, සංයුතිය හා ක්‍රියාකාරකම් පිළිබඳව ගැටලුවක්‌ පැනනොනගිනු ඇති බවත් නීතිය හා බැඳී සිටින අප සමාජය තුළ ස්‌වාභාවික නීතියෙහි මූලධර්ම අනුව යමින් සෑම පුරවැසියකුම විනිශ්චය වීමකට ලක්‌විය යුතුව ඇතැයි එම ලිපියෙහි දැක්‌වේ.

No comments:

Post a Comment