Saturday, January 5, 2013

කළුබෝවිල රෝහලේ එන්නත් කුප්පියක වීදුරු කැබැල්ලක්


අනුර ප්‍රේමලාල්

කළුබෝවිල ශික්ෂණ රෝහලේදී රෝගියෙකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමට සූදානම් වෙද්දී එම එන්නත් කුප්පියේ තිබී වීදුරු කැබැල්ලක් හමුවී තිබේ.
 
මේ සිදුවීම ඉකුත් 28 දින සිදුවී තිබේ. ඒ අවස්ථාවේ සිටි වෛද්‍යවරු හා හෙදියන් රෝහල් අධ්‍යක්‍ෂකවරයාට මේ පිළිබඳ පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් දිනමිණ වෙත අදහස් දැක්වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා මේ සිද්ධියෙන් අනතුරුව ඒ වර්ගයේ එන්නත් සියල්ල ඖෂධ ගබඩාවෙන් ඉවත් කිරීමට රෝහල් අධ්‍යක්‍ෂක කටයුතු කර ඇතැයි පැවසීය.

කළුබෝවිල රෝහලේ වාට්ටු අංක - 06 හි තිබී මෙම එන්නත හමුවී තිබෙන අතර (CLOXACILLIN) JA - 6125018.MFC - 09 - එහි ලේබලයේ මෙම විස්තර සඳහන්ව තිබේ. මෙය කල් ඉකුත්වන දිනය ලෙස 2014 අගෝස්තු මස ලෙසද ලේබලයේ සඳහන් වේ. මෙම එන්නතේ මිල රුපියල් හතළිහකි.

http://www.dinamina.lk/2012/12/31/_art.asp?fn=n1212316

No comments:

Post a Comment