Saturday, January 5, 2013

එන්නත් කුප්පියේ වීදුරු කටු ගැන ඉන්දීය රජය දැනුවත් කරයි


චමින්ද සිල්වා

කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ එන්නත් කුප්පියක වීදුරු කැබැල්ලක්‌ තිබී හමුවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (02 වැනිදා) පියවර ගෙන ඇත.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම ඖෂධ භාවිතය තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා ලෙස ඊයේ (02 වැනිදා) විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාටද උපදෙස්‌ දී තිබේ.

කිsසියම් ඖෂධ සමාගමක්‌ වසර තුනක කාලයක්‌ තුළ එම සමාගමේ නිෂ්පාදිත ඖෂධ සම්බන්ධයෙන් අප රට තුළ ගැටලු සහගත අවස්‌ථා 10 ක්‌ වාර්තා වුවහොත් එම සමාගම අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස්‌ දී තිබේ. එමෙන්ම කිසියම් ඖෂධයක්‌ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක්‌ පැනනැගුනහොත් අදාළ සමාගමෙන් ඊට වැය වූ මුදල සම්පූර්ණයෙන්ම අයකරගත හැකි වන පරිදි කටයුතු කරන ලෙසද ඇමැතිවරයා උපදෙස්‌ දී තිබේ.



No comments:

Post a Comment