Saturday, January 4, 2014

කාන්තා වැසිකිළියේ කැමරා සවිකළ දොස්‌තර ලෙඩා



දොස්‌තරලා ඉන්නේ ලෙඩ්ඩු හො`ද කරන්නටය. ඒ නිසා දොස්‌තර ලෙඩෙක්‌ නොවන බවට වන පූර්ව විනිශ්චයක්‌ සමාජය තුළ තිබේ. එහෙත් දොස්‌තරලා ලෙඩ්ඩු වනවිට, නිකම් ලෙඩ්ඩු නොව, පට්‌ට ලෙඩ්ඩු වනවිට සමාජය තිගැස්‌සෙන්නේය. එසේ සමාජය තිගැස්‌සුන අවස්‌ථා දෙකක්‌ පසුගිය දෙසතියේ දී පෙනුනේය. එකක්‌ දොස්‌තරට බැණ තර්ජනය කළා යෑයි කියමින් බදුරලිය රෝහලේ ලෙඩ්ඩුන් අහල පහල රෝහල් වලට මාරුකර යවා දොස්‌තරලා රෝහල වසා දැමීමය. බදුරලිය රෝහලට යළි තමන් හෝ ඕනෑම වෛද්‍යවරයෙක්‌ ගෙන්වා ගන්නට තමන්ට බැන්නා යෑයි කියනා මිනිසුන් ලවා පොලීසියේ දී තමන්ගේ දෙකකුල් අල්ලා වන්දවා ගන්නට බැණුම් ඇසු දොස්‌තර කටයුතු කළේය.

ඒ ලෙඩේ තරම ගැන මිනිස්‌සු කතා කරමින් සිටිනා විට තවත් දොස්‌තර ලෙඩෙක්‌ ගැන අනුරාධපුර රෝහලෙන් ඇසෙන්නේය. වාර්තා වන ආකාරයට මේ ලෙඩා සිටින්නේ බරපතල තත්ත්වයකය. ඔහු ගැන කියෑවෙන්නේත් අමුතු කතාවකි. හෙතෙම අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ වූ කාන්තා වැසිකිළියේ ක්‌ලෝස්‌ හැන්ගර් වර්ගයේ රහසිගත කැමරාවක්‌ සවිකර තිබුණේය. ඒ කාන්තාවන් ශරීර කෘත්‍ය කරනා ආකාරය වීඩියෝගත කර නැරඹීමේ අභිලාෂයෙනි.

පොලිසියට වාර්තා වන ආකාරයට කතාව මෙසේය.

දිනය පසුගිය 20 වැනිදාය. අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ කාන්තා පරිපාලන ගොඩනැගිල්ලේ කාන්තා වැසිකිළියට යන කළමනාකාර සහකාර තරුණියක්‌ වැසිකිළියේ රහසේ සවිකර ඇති කුඩා උපකරණයක්‌ දකින්නීය. වඩාත් සමීපවී බලන විට එය කැමරාවක්‌ බව ඇය හ`දුනා ගන්නීය. ක්‌ෂුද්‍ර කැමරාවක්‌ බව දකින්නීය. ඇය වහාම මේ පිළිබ`දව රෝහල් කාර්ය මණ්‌ඩලය දැනුවත් කර අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට පැමිණිලි කරන්නීය. වෛද්‍ය අධිකාරීවරයා පසු දා, එනම් දෙසැම්බර් 21 දා උදෑසන මේ සිද්ධිය සම්බන්ධව පොලිසියට පැමිණිලි කරන්නේය. පොලිසිය පැමිණ මෙම ක්‌ෂුද්‍ර කැමරාව අත්අඩංගුවට ගන්නේය. සිද්ධිය පෙළ ගැසුනේ එසේය.

මෙවැනි පහත් නොකටයුත්තක්‌ කළ හැකි උදවිය ගැන වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ උදවි සොයා බලන්නේ ඉන් අනතුරුවය. ඒ අතර සිටි සමහර නිලධාරීන් මෙවැනි තුප්පහි වැඩක්‌ කර මින් පෙර ගර්හාවට ලක්‌වූ තරුණ වෛද්‍යවරයෙක්‌ ගැන දැන සිටියේය. හෙතෙම මින් ටික දිනකට පෙර රෝහලේ වෛද්‍යවරියන්ගේ වැසිකිළියේ කුඩා කැමරාවක්‌ ස`ගවා තිබිණි. ඒ නොකටයුත්ත වෛද්‍යවරුන්ගේ අතටම අසු වූයේය. සාමාන්‍යයෙන් ඕනෑම පාහර වැඩක්‌ වෛද්‍යවරයෙක්‌ අතින් සිදුවුවහොත් ඌ රකින්නට වෛද්‍යවරුන් පෙළ ගැසෙනා ආකාරය අප මෑත කාලයේ කොතෙකුත් දැක ඇත. ඒ ආකාරයටම මේ විලිලඡ්ජා නැති නොකටයුත්ත පිටට යන්නට නොදී රැකගන්නට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියන් මෙන්ම වෛද්‍යවරුද කටයුතු කළහ. ඒ ඇත්තන්ට හො`දනම් අපට මොකදැයි කියනවාක්‌ මෙන් මේ සිද්ධිය දැන සිටි සෙසු වෛද්‍ය කාර්ය මණ්‌ඩල ඇත්තෝද නිශ්ශබ්දව උන්හ. එහෙත් කැමරා සවිකිරීමේ මෙහෙයුම් පරිපාලන ගොඩනැගිල්ලේ කාන්තා වැසිsකිළියටත් පැමිණෙන විට නිහ`ඩව සිටි උදවිය කතා කරන්නට වූහ.

මින් පෙර වෛද්‍යවරියන්ගේ වැසිකිළියේත් කැමරා සවිකර හසුවීම නිසා සැකයට ලක්‌වන වෛද්‍යවරයා තරුණයෙකි. 27 හැවිරිදිය. විවාහකය. බිරි`ද පරිගණක ඉංජිනේරුවරියක්‌ ලෙස කටයුතු කළාය. ඔහුගේ දෙමව්පියන්ද වෛද්‍යවරු වූහ. හෙතෙම වෛද්‍ය විද්‍යාව හදාරා තිබුණේ ඉන්දියාවේ රජීව් ගාන්ධි විශ්වවිද්‍යාලයෙනි. ඔහු අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ ගතකරමින් සිටියේ ස්‌වකීය පරිවාස කාලයය. මේ පුද්ගලයා ගැන ඇති සැකය රෝහල් කාර්ය මණ්‌ඩලයේ නිලධාරීහු වෛද්‍ය අධිකාරීවරයාට දැන්වූහ.

වෛද්‍ය අධිකාරීවරයා සැකකාර තරුණ වෛද්‍යවරයා ගෙන්වා ඒ අවස්‌ථාවේම මේ ගැන ප්‍රශ්න කළේය. ටික වෙලාවක්‌ යනවිට හෙතෙම තමන් කළ වරද පිළිගත්තේය. ඒ සම්බන්ධව ලිත ප්‍රකාශයක්‌ද කළේය. පසුගිය 20 වැනිදා මේ තැනැත්තා පරිපාලන ගොඩනැගිල්ලට පැමිණ තිබුණේ සිය වැටුප ගන්නට බව කියෑවිනි. එහෙත් ඒ වනවිට සවස 3.30 ත් පසුවී තිබුණ නිසා පරිපාලන ගොඩනැගිල්ලේ කිසිවෙක්‌ හි`ද නැත. ඒ වනවිට ඔහු ළ`ග කුඩා කැමරාව තිබී ඇත. මේ ක්‌ෂුද්‍ර කැමරාව ඔහු මිලදී ගෙන ඇත්තේ ඇමරිකාවේ සංචාරයකට ගොස්‌ එන අතර මැලේසියාවේදීය.

මේ අවස්‌ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔහු ගොඩනැගිල්ලේ කාන්තා වැසිකිළියේ එය සවිකරනු ලැබීය. එය දකින්නේ ඊට නොබෝ වෙලාවකට පසු වැසිකිළියට යන තරුණ කළමනාකරණ සහකාර නිලධාරිනියකි.

වහාම අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක්‌ කරන වෛද්‍ය අධිකාරීවරයා පොලිසිය ගෙන්වා ක්‌ෂුද්‍ර කැමරාවත්, එය සවිකළ වෛද්‍යවරයාගේ ලිත ප්‍රකාශයත් පොලිසියට ලබා දුන්නේය. අනතුරුව පොලිසියද මේ වෛද්‍යවරයාගෙන් සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක්‌ ගැනීමට කටයුතු කළේය. තමන් මානසික අවුලකින් පෙළෙන බවත්, කලක්‌ ඒ ස`දහා බෙහෙත් ලබා ගත් බවත්, කුඩා අවධියේ අධික ලෙස අසභ්‍ය චිත්‍රපට නැරඹීමට පුරුදු වී සිටි නිසා තමන් මේ විකෘතියෙන් පෙළෙන බවත්, ලාබාල යුවතියන්ගේ නිරුවත දැක ගැනීමට ඇති ආශාව නිසා මේ ආකාරයෙන් රහසිගතව කැමරාව සවි කළ බවත් හේ පොලිසියට කියා තිබුණේය. කෙසේ වෙතත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය පරීක්‌ෂා කිරීමටවත්, අදාළ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටවත් පොලිසිය කටයුතු කළේ නැත.

දින දහයක්‌ ගතවිය. විලි ල-ජා නැති සිද්ධිය හා බැ`දුණු සාක්‌ෂි සියල්ල සමග බඩුත් එක්‌කම හොරු පොලිසියට ඉදිරිපත් කළත් නීතිය ක්‍රියාත්මක නොවීම ගැන විරෝධය පළකළ රෝහල් සේවකයෝ පසුගිය 30 වැනිදා විරෝධතා ව්‍යාපාරයක්‌ ආරම්භ කළහ. මුල් අදියරේදී රෝහල් කළමනාකාරණ සේවකයින් සේවයට වාර්තා කර රැකියා ස්‌ථාන වලින් බැහැරව උන්හ. 31 දා වනවිට වෛද්‍යවරුද මේ විරෝධතාවයට එක්‌ වූහ. ඒ වනවිට රෝහලේ පවත්වාගෙන ගියේ හදිසි ප්‍රතිකාර පමණි. සායනික අංශ, බාහිර රෝගී අංශය, ඖෂධ නිකුත්කිරීම් නැවතිsනි. මේ තත්ත්වය ඇතිවනවාත් සමග පසුගිය 31 දා උදෑසන 7.45 ට පමණ පොලිසිය වෛද්‍යවරයාව අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගෙන අනුරාධපුර උසාවියේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුවන්දිකා මාරසිංහ වෙත ඉදිරිපත් කළේය. අනතුරුව හෙට දින (6) තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කළේය. මේ වනවිට කැමරාවේ ඇති දර්ශන පිළිබ`ද සොයා බැලීම ස`දහා එය උසාවිය මගින් බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පරිපාලන සංසද මෙහෙයුම් කළමනාකාරවරයා වෙත යොමු කර තිබෙන්නේය. ඔහුගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකය පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබෙන්නේය. මොහු සම්බන්ධව අමාත්‍යංශ මට්‌ටමින් වෙනම පරීක්‌ෂණයක්‌ පැවැත්වෙන වග අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා කියන්නේය.

එහෙත් අප ඉදිරියේ ඇත්තේ විකෘති ආශාවන් සහිත අනුකම්පා කළ යුතු තරුණ මනෝ ව්‍යාධිකයෙකුගේ කතාවක්‌ පමණක්‌ නොවේ. මේ රටේ මිනිස්‌සුන්ගේ බදු මුදලින් ඉගෙනගත් බවක්‌ අමතක කර, තමන් ලූහුඩින් තොර අමුතු ජාතියක්‌ යෑයි කල්පනා කරනා අමුතු මානසිකත්වයක්‌ සහිත වෘත්තිකයන් පිරිසක්‌ට දෙවියන් විසින් දී ඇති පණිවුඩයකි.

මේ රට, තමන්ට පරිභව කිරීම නිසා කිපී, රෝහල් වසා දමා, යළි පැමිණෙන්නට නම් තම දෙපා මුල වැ`ද වැටී සමාව ඉල්ලා සිටින්නට මිනිස්‌සුන්ට බල කරනා මනෝභාවයක්‌ සහිත දොස්‌තරවරු සහිත රටකි. මෙය කාන්තා වැසිකිළියකින් එබී බලනවා වගේම විලි ල-ජාවක්‌ බවත්, බරපතල මනෝ ව්‍යාධියක්‌ බවත් මේ රටේ දොස්‌තරවරු කල්පනා කරන්නේ නැත. එහෙත් මේ මනෝව්‍යාධියේ තරම දැන් මේ රටේ මිනිස්‌සු දනිති. එබැවින් අනුරාධපුර ශික්‌ෂණ රෝහල් කාර්ය මණ්‌ඩලයේ කාන්තාවන් තමන්ට දණ ගසා වැ`ද සමාව ගන්නා ලෙස තම ආයතනයේ වැසිකිළියේ කැමරා සවිකළ වෛද්‍යවරයාට යෝජනා කරන්නේ නැත.

පර්සි කුරුනේරු
සැකසුම - ජානක


http://www.divaina.com/2014/01/05/feature06.html

No comments:

Post a Comment