Wednesday, June 27, 2012

බටහිර වෛද්‍ය ක්‍රම භාවිතයට ආයුර්වේදය අවසර ඉල්ලයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 2 ක්‌


සරත් ධර්මසේන

බටහිර වෛද්‍ය ක්‍රමෝපායන් භාවිතයට සහ රෝගීන්ට පැරසිටමෝල් වැනි ඖෂධ නිකුත් කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරුන් එකොළොස්‌ දෙනකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක්‌ ගොනු කර ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් වගඋත්තරකරුවන් කර තිබෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌ මහතා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් කිහිප දෙනෙකි.

මෙම පෙත්සම් පසුගියදා අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු හමුවේ කැඳවනු ලැබීය.

දෙපාර්ශ්වය විසින් මෙහිදී කරුණු ඉදිරිපත් කළ අතර අගෝස්‌තු 02 දා යළි කරුණු දැක්‌වීම සඳහා මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නියම කරනු ලැබිණි.

No comments:

Post a Comment