Saturday, June 9, 2012

රජයේ ප්‍රධානම රෝහල ඩෙංගු බෝ කරන මධ්ය ස්ථානයක්


2012 ජූනි 10 වෙනි ඉරිදා,  
සුගත් පී. කුලතුංග ආරච්චි
 
මාරාන්තික ඩෙංගු රෝගය රට පුරා නැවතත් හිස  ඔසවමින් පවතී. ඒ පිළිබඳ අලුත්ම තත්ත්වය වාර්තා වන්නේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුළිනි. වාර්තා වන අන්දමට එහි එක් වාට්ටුවක වෛද්‍යවරුන් හතර දෙනෙකු හෙදියන් දෙදෙනකු සහ සුළු සේවකයන් දෙදෙනකු ඩෙංගු රෝගයට ගොදුරු වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. වෛද්‍යවරුන් අතරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ අතට හැරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අයි.ඩී.එච්. රෝහ‍ලේ නවත්වා ප්‍රතිකාර ලබා දීමටද කටයුතු කර ඇත. එයින් එක් අයකු විශේෂඥ වෛද්‍ය පුහුණුවද ලබන්නියකි. මෙයට පෙර පිලිස්සුම් ඒකකයේ සිටි රෝගියකු හටද ඩෙංගු වැලඳී ඇති බව සොයා ගෙන තිබුණි. ලංකාවේ ප්‍රමුඛතම රජයේ රෝහල වන කොළඹ ජාතික රෝහල මාරාන්තික ලෙඩ බෝ කරන මධ්‍යස්ථානයක් බවට දැන් පත්ව ඇත් දැයි යන්න ගැන අප කළ විමසීමකදී ඒ ගැන අදහස් දැක්වූයේ බාහිර රෝගී අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ඩී. සිල්වායි.

ඔහුට අනුව පිලිිස්සුම් ඒකකයේ රෝගී තත්ත්වය වාර්තා වූ වහාම කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා රෝහ‍ලේ සෞඛ්‍ය පරික්ෂකවරුන් යොදවා රෝහල් පරිශ්‍රය තුළ ඩෙංගු බෝවන ස්ථාන  පරීක්ෂාවට ලක් කර තිබේ. රෝග කාරක වර්ධනය වන ස්ථාන පිළිබඳව සොයා බලා ධූමායනය ඇතුළු රෝග වැළැක්වීමේ පියවර ගෙන ඇත.

අධ්‍යක්ෂවරයාට අනුව නම් රෝහ‍ලේ ඇති සමහර පැරැණි ගොඩනැගිලි කරා ළඟා වීමටත් නොහැකි තත්ත්වයක් පවතී. එවන් ස්ථානවල ඩෙංගු බෝවීමේ අවදානම ඇති බව පිළිගන්නා ඔහු ඒ ස්ථාන සඳහා මදුරු මර්දක යෙදීමේ සහ ධූමායන ක්‍රම මගින් ව්‍යාප්තිය වැළැක්වීමේ කටයුතු නිසි පරිදි සිදු කැරෙන බවද පැවැසීය.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4505:2012-06-09-09-29-34&catid=99:dawasepradanapuwatha

No comments:

Post a Comment