Saturday, June 23, 2012

'මදුරුවාට බයයි මල්ලියේ'




වර්ෂ 2009 දී එක්‌තරා ධනවත් රටක රසායනාගාරයකදී ජාන ඉංජිනේරු තාක්‌ෂණවේදීන් විසින් ජානමය ලක්‍ෂණ වෙනස්‌වීමකට භාජන කළ මදුරු විශේෂයක්‌ ඩෙංගු මර්දනය සඳහා කැරබියානු දූපත් සමූහයේ ඨභෘ ශඵභ නැමති දූපතට මුදාහරින ලදී.

වර්ෂ 2010 වන විට මේ ආකාර ජානමය වෙනසකට භාජනය වූ මදුරුවන් ඨැබැඑසජ කකහ ඵදාසෙසැ ඵදිමසඑදි මිලියන 03 කට ආසන්න ප්‍රමාණයක්‌ මුදාහැර තිබේ. මෙහි ඇති සුවිශේෂී කරුණ වන්නේ ඉතා සද්භාවයෙන් සිදුකළා යෑයි කියනු ලබන මෙම කටයුත්ත ඉතාම හොර රහසේ සිදුවීමය.

මැලේසියාව, බ්‍රසීලය, පැනමා, සිංගප්පූරුව, ඉන්දියාව, තායිලන්තය සහ වියට්‌නාමයේද දැනට මේ මදුරුවන් ව්‍යාප්තව ඇතැයි කියෑවේ.

සැබවින්ම හචඑස යනුවෙන් අප හඳුන්වන කලු සහ සුදු ඉරි සහිත මේ ඩෙංගු මදුරුවා වර්ෂ 2010 දී ඩෙංගු මර්දනයටය කියා බෝ කරනු ලැබ මුදාහල සුද්දන්ගේ මදුරුවාද නැතිනම් එහි අතුරුපලයක්‌ද කියා සැක සංකා පහළ වේ.

ඉහත මා සඳහන් කළේ 13.06.2012 ලංකා වෙබ් ඛ්බන් උeඉ අන්තර්ජාල පුවත්පතක වූ හෙළිදරව්වකි.

ඩෙංගු වාහක මදුරුවා අප වෙත ගෙන එන, ඩෙංගු වෛරස්‌ වර්ග 4 න් එකක්‌, මාරාන්තික ඩෙංගු වසංගතයට වගකියයි. තද උණ, හිසරදය, ඇස්‌ යට වේදනාව, හන්දි හා මාංශ පේශි වල වේදනාව කෑම අරුචිය සහ වමනය ඇතැම් රෝග ලක්‍ෂණ වේ. මෙම වෛරසය අපේ ශරීරයට ඇතුළුවී දින 03-14 අතර ඉහත කී රෝග ලක්‍ෂණ අප තුළ මතු කරයි.

නිසි ප්‍රතිකාර නොලද හොත්, මේ තත්ත්වය ඩෙංගු රක්‌තපාත තත්ත්වය දක්‌වා වැඩි වර්ධනය වේ. මෙහිදී රුධිර වාහිනී සිදුරුවී අභ්‍යන්තර ලේ වහනය ඇතිවීම නාසයෙන් වීදුරු මසින් ලේ ගැලීම ඇතිවීම ආදී භයානක රෝග තත්ත්වයන් කරා අප තල්ලුකර දමමින්, අවසානයේදී රුධිර වාහිනී අඩපණවී කම්පන තත්ත්වයන් හට ගැනීම හේතුවෙන් මරණය පවා සිදුවීම අතිශයින් ශෝකජනකය.

ආසියානු රටවල 2/5 ක්‌ ජනයා ඩෙංගු උවදුරින් පීඩාවට පත්වී සිටී. ලෝකයේ ඩෙංගු උවදුරින් පීඩාවට පත් රටවල ජනයා වාර්ෂිකව මිලියන 50 ක්‌ ඩෙංගු රෝගීන් බවට පත්වෙති. එසේම මේ අය අතුරෙන් ආසියානු රටවල පමණක්‌ වසරකට 12,500 ක්‌ දෙනා මරු තුරුලට යැම පිළිබඳව වූ සත්‍ය වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය සතු වේ.

වසර කීපයක සිට ශ්‍රී ලංකාවාසී අපිද ඩෙංගු වසංගතයෙන් අප්‍රමාණ ලෙස පීඩාවට පත්වී සිටිමු. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා, ජුනි මස 18 දා ජනාධිපති කාර්යසාධක බලකායේ රැස්‌වීමක්‌ කැඳවා ඇත්තේ ඉතා හදිසි කටයුත්තක්‌ සේ සලකා රට පුරා දැවැන්ත ඩෙංගු මර්දන වැඩ සටහනක්‌ ක්‍රියාත්මක කිරීමේ අරමුණින්ය.

මේ වන විට අප රට තුළ ඩෙංගු පැතිරීම සම්බන්ධව ලැබෙන වාර්තා තැතිගන්වන සුලුය. ගෙවී ගිය මාස හයක කාලය තුළ ඩෙංගු රෝගීන් 14,500 ක්‌ හමුවී ඇති අතර බාල මහලු වැඩිහිටි, ගෑනු පිරිමි භේදයක්‌ නැතිව 80 ක්‌ දෙනා ජාතියට අහිමිවී ඇත. මේ නැතිවී ගිය සියලු දෙනාම අපේ රටට සැබවින්ම වුවමනා වටිනාම මානව සම්පතය. මිනිසකුගේ වටිනාකම මැනිය හැක්‌කේ කෙසේද?

පුරා වසර 30 ක්‌ තිස්‌සේ මිනී මරු ප්‍රභාකරන්ට බියේ ජීවත් වූ මිනිසුන් අද බියවී සිටින්නේ, මහපාරේ මඟමරුවා වූ පුද්ගලික බස්‌ හා ටිපර් රථ රියදුරන්ට සහ ඩෙංගු මදුරුවාටය.

සාමාන්‍යයෙන් පිරිමි මදුරුවාගෙන් අපට කරදරයක්‌ නැත. අපේ රුධිරය උරා බොන්නේ ගැහැනු මදුරුවාය. සොයාගෙන ඇති කරුණුවලට අනුව ගැහැනු මදුරුවෙක්‌ දෙවරක්‌ රුධිරය උරාබීමට අවස්‌ථාවක්‌ නොලබයි. එක්‌කෝ ඌ අපේ අතින් මැරේ. නැතිනම් ස්‌වාභාවිකව බිත්තර දමා මිය යයි. මදුරු ගැහැණු සතා අපේ රුධිරය බොන්නේ මේ බිත්තර වැඩීමට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම පිණිසය. ප්‍රොටීන හා ශක්‌ති පදාර්ථ ඌ අපේ රුධිරයෙන් ලබාගනී. මදුරුවාගේ ජීවිතය පවත්වා ගැනීම පිණිස ගැහැණු පිරිමි දෙවර්ගයම, ශාක යුෂ උරා බොන බව කියති.

එහෙත් පුදුමය නම් ඩෙංගු මදුරුවා ඩෙංගු ආසාදිත පුද්ගලයකුගේ රුධිරය උරා බී, නිරෝගී පුද්ගලයකුගේද රුධිරය යළිත් වරක්‌ උරාබීමට සමත්වීමය. මේ නිසා නිරෝගී පුද්ගලයකු ඩෙංගු රෝගියකු බවට පත්වේ.

ලෝකයේ මදුරු වර්ග 3500 ක්‌ පමණ ඇත. ඕනෑම නාගරික ප්‍රදේශයක සාමාන්‍යයෙන් මින් වර්ග 30-35 ක්‌ අපට හමුවේ. ගලා නොබසින නිසල ජල මූලාශ්‍රවලද විවිධාකාරයෙන් ජලය රැස්‌වී පවතින ස්‌ථානවලද මදුරුවෝ සිය ගණනින් බිත්තර දමති. බොහෝ මදුරු බිත්තර අයහපත් දේශගුණික තත්ත්වයන් හමුවේ වුවද නොසැලී පවතී. මදුරු මර්දනය අපට වඩාත් අසීරුවීමට එක්‌ හේතුවක්‌ වන්නේද මෙයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම වසරකම මදුරු දෂ්ට කිරීම්වලින් හට ගන්නා වූ විවිධ රෝගවලින් මියයන සංඛ්‍යාව මිලියන 1.2 - 2.7 ක්‌ අතර වේ. උන් නිසාම රෝගීන් බවට පත්වන සංඛ්‍යාව මිලියන 300-500 ත් අතර අගයක්‌ ගනී.

මැලේරියා, කහ උණ, ඩෙංගු, එන්සෙපලයිටීස්‌ වැනි මාරාන්තික රෝග අපට බෝ කරන්නේ පියපත් දෙකක්‌ සහිත මේ කුඩා මදුරුවා වීම දෛවයේ සරදමකි. මන්ද සඳ තරු ජයගත් මේ ආඩම්බරකාර මිනිසාට, කුඩා මදුරුවා දෙන මෙම අභියෝගය පරාජය කිsරීමේ ශක්‌තිය, තවමත් නොමැතිවීමය.

මිනිස්‌ මදුරු සටන දශක ගණනාවක්‌ මුළුල්ලේම විශේෂයෙන්ම ආසියානු අප්‍රිකානු රටවලත් ඇතැම් බටහිර රටවලත් ජයටම කෙරීගෙන යතත් තවමත් වෙනසක්‌ නැතිව පීඩා විඳින්නේද මිනිසාමය.

අප කුඩා අවධියේදී ගමේ මිනිසුන් මදුරුවන් එළවීමට මදුරුතලා කොළ පුලුස්‌සා දුම් ගැසුහ. අද මදුරුතලා කොළ වෙනුවට රට පුරාම මදුරු දඟර අලෙවි වේ. විශේෂයෙන්ම නාගරික උප සංස්‌කෘතීන් තුළ ජීවත්වන ජනතාව රෑට කෑමට පාන් භාගයක්‌ ගැනීමට වඩා කහට කෝප්පයකින් උගුර තෙමාගෙන, ඉතිරි කරගත් මුදලින් මදුරු කොයිල් එකක්‌ ගෙන දල්වා මදුරුවාගෙන් ගෙදර දරු පැටවුන්ගේ ජීවිත බේරාගැනීම වඩා උතුම්කොට සලකති.

මෝසම් වැහි කාලය එනවිට වැඩි වැඩියෙන්ම අලෙවි වන්නේ මදුරු දඟරය. එහෙත් ඇත්ත වශයෙන්ම මදුරු මර්දනය හා මදුරු දඟර අතර ඇති සැබෑ සම්බන්ධතාවය ඊට අදාළ රාජ්‍ය ආයතන හෝ බලධාරීන් විසින් හෝ මේ දක්‌වා සිදුකොට තිබේද? පර්යේෂණකොට තිබේද යන්න අප නොදන්නා කරුණයි.

නමුත් වර්ෂ 2011 සැප්. 22 දා ඔයෑ ඔසපැs දෙ ෂබාස්‌ කඑය පුවත්පතේ, වාර්තාවකට අනුව වායු දූෂණය හා අපගේ සෞඛ්‍ය (සර ඡදකමඑසදබ බා ධමර කඑය මැයෙන් ඉන්දියානු වෛද්‍ය සංගමය හා ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ ආයතනය CSE (ජැබඑරු දෙර ජසැබජැ බා බඩසරදබපැබඑ) ආයතනයද එක්‌ව සංවිධානය කළ වැඩමුළුවකදී සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයකු වූ සන්දීප් සල්වි (ඵර බාච කඩස) මහතා කළ ප්‍රකාශයක්‌ මෙහිලා සටහන් කිරීම වටී.

මැලේසියාවේ සිදුකළ පර්යේෂණයකට අනුව ඔහු පවසන්නේ රාත්‍රිය පුරාවට ඔබේ නිදි යහන අද්දර මදුරු දඟරයක්‌ දැල්වීම වනාහී ඔබ විසින් රැය පහන්වන තුරු දුම්වැටි 100 ක්‌ පානය කිරීම හා තරම්ම ශරීරයට අහිතකර ක්‍රියාවක්‌ බවය.

ඉන්දුනීසියාවේ සහ ඇතැම් ආසියානු රටවල වෙළෙඳ පොළේ සුලබව ඇති මදුරු දඟර ආශ්‍රිතව, විද්‍යාඥ ඊදඉ ණරසැටැර ඔර්ඩසි සබදෙෙ සහ ඞස්‌දෙe'ය්බට යන පර්යේෂකයින් විසින් සිදුකළ පර්යේෂණ අනුව එම මදුරු දඟර සාම්පල වල ශරීරයට අභ්‍යන්තර බෙහෙවින් විෂ සහිත S - 2 හෙවත් ධජඒ ජයකදරදාස චරදචහක නමැති රසායන ද්‍රව්‍ය අඩංගු බව සොයාගෙන තිබේ. මේ නිසා රාත්‍රිය මුල්ලේම දැල්වෙන මදුරු දඟර පෙණහලු පිළිකා වැනි මාරාන්තික රෝග තත්ත්වයන් කරා මිනිසාව රැගෙන යැමට සාධනීය හේතුවක්‌ වී තිබේ.

අපේ රටේද ඉතා බහුල ලෙස අලෙවි වන පාරිභෝගික භාණ්‌ඩයක්‌ වන මදුරු දඟර භාවිතය පිළිබඳවත්, මිනිසා කෙරේ එහි ඇති බලපෑම පිළිබඳවත් මේ දක්‌වා නිසි බලධාරීන් කුමන පියවරක්‌ ගෙන තිබේද? යන්න තවම අපට පැහැදිලි නැත. කෙසේ වෙතත් හැකි සැමවිටම මදුරු දැලක්‌ භාවිත කිරීම හැම අතින්ම සෞඛ්‍යයට හොඳ බව නම් පැහැදිලිව පෙනේ.

අපේ රටේ ඩෙංගු උවදුර උත්සන්න වූ පසුගිය කාලයේදී (රජයේ නිලධාරීන් ගස්‌ බැඳි වකවානුවේදී) මදුරු වසංගතයට සඵලතායි පිළියමක්‌ සේ කවුරුත් කතා කළ ඊඑස (ඊජසකකමි එයමරසබටසැ බිසි ඪ්ර සිර්කැබිසි) නමැති කෘතිම බැක්‌ටීරියාව ගැන දැන් වැඩි කතා බහක්‌ නැති මුත්, ලෝකයේ ඊඑස භාවිතය මදුරු මර්දනයට යොදාගත්තේ වර්ෂ 1978 තරම් ඈත කාලයේ සිටය. ද්‍රdවණයක්‌ ලෙස හෝ කැට වශයෙන් හෝ මදුරු මර්දනයට යොදාගත හැකි මිනිසාට හානියක්‌ නැති පරිසර හිතකාමී මදුරු මර්දන ක්‍රමවේදයක්‌ වූ ඊඑස කෘතිම බැක්‌ටීරියාව කෙරේ යළිත් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවේනම් මැනැවි.

ඒ අයුරින්ම මදුරු උවදුර මැඩීම පිණිස ජාන ඉංජිනේරු තාක්‍ෂණය, නැනෝ තාක්‍ෂණය යොදා ගැනීම පිළිබඳව අපේ රටේ නිසි උගතුන් සිය දැනුම හා ශ්‍රමය තම ජාතියේ දූ දරුවන් උදෙසා කැප කළ යුතු කාලය දැන් එළැඹ තිබේ යෑයි ලියුම්කරුට සිතේ.

දේශීය හෝ ජාත්‍යන්තර හෝ බහුජාතික සමාගම්වලට හෝ යටනොවී රටේ අහිංසක ජනතාවගේ හිත සුව පිණිස, අකාලයේ මිය පරලොව යන අපේ වටිනාම සම්පත වූ මානව සම්පත රැකගැනීම උදෙසාද, ජාතික වගකීමක්‌ සේ සලකා දැන් අපේ ජාන විද්‍යාඥයින් සිය දැනුම භාවිත කළ යුතුව ඇත.

මීට කදිම නිදසුනක්‌ ඇමෙරිකාවේ කැලිෙµdනියා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විද්‍යාඥ ඇන්තනි ෙ-ම්ස්‌ (බඑයදබහ පැs) විසින් ජාන ඉංජිනේරු තාක්‍ෂණය භාවිත කොට බිහිකළ මැලේරියාව බෝකල නොහැකි මදුරු විශේෂය පෙන්වා දිය හැක. මේ මගින් ලෙඩ බෝකරන පර පෝෂිතයන්ගේ වාහකයා යන සන්නාමයෙන් මදුරුවා ඉවත්කොට ඌ නිකංම නිකං මදුරුවකු බවට පත්කිරීමට එම විද්‍යාඥයාට හැකිවිය. මෙලෙස අපට විනේකටින ඩෙංගු මදුරුවාද නිකංම නිකං ඩෙංගු මදුරුවකු කිරීමට අපේ ප්‍රඥාසම්පන්න ජාන විද්‍යාඥයින්ටද හැකිවේ නම් එදා ප්‍රභාකරන්ගෙන් රට ගලවා ගත්තාක්‌ වැනිම ජාතියේම ප්‍රණාමය හිමිවන උතුම්වූ සද්ක්‍රියාවකි ඒ...

ජයන්ත විඡේසිංහ


http://www.divaina.com/2012/06/24/feature02.html

No comments:

Post a Comment