Friday, June 8, 2012

හෙද පුහුණු රෝහල් පරිශ්‍රයක්‌ හදන්න ඩොලර් මිලියන 50 ක්‌



හෙදියන් පුහුණු කිරීම සඳහා අංග සම්පූර්ණ පුහුණු රෝහල් පරිශ්‍රයක්‌ ඉදිකිරීමට සෞදි හෙල්ත් ඉන්වෙස්‌ට්‌මන්ට්‌ ආයතනය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන පනහක මුදලක්‌ පරිත්‍යාග කර තිබේ.

මෙම ශික්‌ෂණ රෝහල් පරිශ්‍රය ඉදිකිරීමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා සහ සෞදි හෙල්ත් ඉන්වෙස්‌ට්‌මන්ට්‌ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මොහොමඩ් හමීඩ් මහතා අතර සෞදියේ දී අත්සන් තබා ඇත.

ඒ අනුව අදාළ හෙද පුහුණු මධ්‍යස්‌ථානය ඉදිකිරීමට අක්‌කර පහක භූමි ප්‍රදේශයක්‌ අවශ්‍යව ඇති අතර

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා මේ වන විටත් නාගරික සංවර්ධන අධිකාරියට ඒ බව දන්වා තිබේ.

ඉදිරි මාස තුන ඇතුළත මෙම ශික්‌ෂණ රෝහල් පරිශ්‍රය ඉදිකිරීමට නියමිතව ඇති අතර හෙද පුහුණුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කිරීමට නියමිතය.

මෙලෙස පුහුණු වන හෙද නිලධාරීන් හා නිලධාරිනියන් ඇමරිකාවේ පිහිටි ප්‍රමුඛ පෙළේ රෝහල්වල රැකියාවලට යොමු කිරීමට අපේක්‍ෂා කරන බවත් අනෙකුත් සංවර්ධිත රටවල පවතින හෙද රැකියාවලට යොමු කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා "දිවයින" ට පැවසීය.

ශිරාන් රණසිංහ



http://www.divaina.com/2012/06/02/news14.html

No comments:

Post a Comment