Wednesday, June 27, 2012

‘නාථ දෙවියන්’ ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිලිගනියි, රජරට ආසනික්




June 26, 2012 at 12:15 am | Lanka C News.


ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් යොදවනු ලැබ තිබූ අන්තර් ජාතික පර්යේෂණ කණ්ඩායමක් විසින් උතුරු මැද පළාත මූලික කරගෙන පැකිරී යන වකුගඩු රෝගයට හේතුව අනාවරණ කර ගත් බව සඳහන් කරයි.

අදාළ ප‍්‍රදේශවල ආහාර දාමයන් ඔස්සේ බැරලෝහ ශරීර ගත වීම වකුගඩු රෝගයට හේතු වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. මෙම බැර ලෝහ වර්ග පොහොර සහ පලිබෝධ නාශක හරහා පසට එක්වන බවද පර්යේෂණ ප‍්‍රතිඵල දැනුම් දීම සඳහා කොළඹ මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

පසෙහි වගා කරන බෝග හරහා මිනිස් සිරුර තුළට අදාල බැරලෝහ එක්වන බවත් පැවසු ඔවුන් එම ප‍්‍රදේශවල භූ ගත ජලයේ මෙම බැර ලෝහ වර්ග ඇතිදැයි තවදුරටත් පර්යේෂණ කරන බව පැවසීය. කෙසේ වෙතත් කිවුල් ජලය පානය කිරීමේ වලකින ලෙසද ඔවුන් අවධාරණය කලේය.

මෙම බැර ලෝහ වර්ග මොනවාදැයි මාධ්‍ය වේදියෙකු නැඟූ පැනයට පිළිතුරු දෙමින් ඔවුන් පවසා ඇත්තේ ආසනික්, රසදිය, කැඞ්මියම් සහ ඊයම් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙම පර්යේෂණ සඳහා මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 40ක පමණ මුදලක් වියදම් කර ඇති බවද එහිදී හෙලිවිය.

කෙසේ වෙතත් මේ තොරතුරු සහ තවත් බොහෝ තොරතුරු මින් ඉහතදී කැළණිය සහ රජරට ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගත් අතර එම පර්යේෂණ කණ්ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ තමන්ට ඒ සඳහා වියදම් වූයේ රුපියල් 40,000ක පමණ මුදලක් බවයි.  ඔහු වැඩිදුරටත් පැවසුවේ නාථ දෙවියන් විසින් එදි තමන් ඇතුළු කණ්ඩායමට මේ සඳහා විවිධ ක‍්‍රම හරහා මඟ පෙන්වූ බවය.

එදා දේශීය පර්යේෂණ කණ්ඩායම එසේ කියද්දී මෙරට උගතුන් යයි කියාගන්නා ඇතැමුන් ඉර හඳ ගෙන පාමින් පැවසුවේ එසේ විය නොහැකි බවයි. පර්යේෂකයන් නාථ දෙවියන්ගෙන් තොරතුරු ගත් බව පවසමින් ඔවුන් උපහාසයට පවා ලක් කලහ. දැන් මේ සත්‍ය පිළිගෙන ඇත්තේ ඔවුන්ගේ සෞඛ්‍ය දැනුමේ ඉහලම අධිකාරිය විසිනි.

http://www.lankacnews.com/sinhala/main-news/66327/

No comments:

Post a Comment