Wednesday, June 27, 2012

වෛද්‍ය සන්නිවේදන දීමනාව අත්හිටුවන්නේ නෑ- සෞඛ්ය අමාත්යාංශය


වෛද්‍ය නිලධාරින්ට ලබා දෙන සන්නිවේදන දීමනාව කිසිදු ආකාරයකින් අත්හිටුවීමට රජය තීරණය කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

2006/06 දරන චක්‍රලේඛයට අනුව සියලු වෛද්‍ය නිලධාරින් විධායක ශ්‍රේණියට අයත් වන බවත් ඒ අනුව ඒ නිලධාරින් සියලුදෙනාටම සන්නිවේදන දීමනාව ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය රවින්ද්‍ර රුබේරු මහතා ප්‍රකාශ කරයි.

වෛද්‍ය නිලධාරින්ට හිමි සන්නිවේදන දීමනාව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය මඟින් කළ ප්‍රචාරය පදනම් විරහිත බව ද ලේකම්වරයා පැවැසුවේය.

වෛද්‍යවරුන්ට හිමි මේ සන්නිවේදන දීමනාව ලබාදීම සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශ ආයතන ප්‍රධානීන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද ඒ මහතා පවසයි‍.

වෛද්‍යවරුන්ට හිමි සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් නිරවුල් කිරීමට අඳාළ පියවර ගන්නා ලෙස එම චක්‍රලේඛයේ සඳහන් වේ. මේ චක්‍රලේඛයට හා 2010.09.01 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ 446 ට අනුකූලව මේ ගෙවීම් සිදු කළ යුතු බවත් එසේ ගෙවීම් පැහැර හරින නිලධාරින්ට ‍එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවත් වෛද්‍ය රුබේරු මහතා සඳහන් කරයි.
ඒ අනුව සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරින් සඳහා පෙර පරිදිම පෙර කාණ්ඩ යටතේම පෙර දීමනාවන්ටම යටත්ව අඛණ්ඩව දුරකථන දීමනා ලබාදීමට රජ‍ය පියවර ගෙන ඇත

http://www.dinamina.lk/2012/06/28/_art.asp?fn=n1206285
 

No comments:

Post a Comment