Friday, June 8, 2012

ප්‍රධාන රෝහල් නියෝජනය වන පරිදි ලබන 11දා ඒකාබද්ධ විරෝධතාවක්


2012 ජූනි 09 වෙනි සෙනසුරාදා,


 ඉල්ලීම් රැසක් සඳහා මතෛක් විසඳුම් නොලැබිමට විරෝධය පාමින් පළාත්  මට්ටමින් ප්‍රධාන රෝහල් නියෝජනය වන පරිදි විරෝධතා ව්‍යාපාරයක් ලබන 11දා දවල් 12.00 පැවැත්වීමට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබේ. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ එක්ව මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරයි. ඒ අනුව මෙහි ප්‍රධාන උද්ඝෝෂ-ණය 11දා දවල් 12.00ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වේ. ඊට අමතරව බස්නාහිර පළාත නියෝජනය කරමින් රාගම ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, ගම්පහ මහ රෝහල, මීගමුව මහ රෝහල, මහරගම පිළිකා රෝහල, හෝමාගම මූලික රෝහල, අවිස්සාවේල්ල මූලික රෝහල හා උතුරු මැද පළාත නියෝජනය කරමින් ‍පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වේ.


මෙම වෛද්‍ය වෘත්තිකයන්ට රාජකාරි බාධා අනතුරු හා ප්‍රවාහන දීමනා ලෙස මාසිකව රුපියල් 5000 දීමනාවක් ලබාදීම, සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් නිවැරදි කිරීම වෙනුවෙන් මාසිකව රුපියල් 4000ක උපරිමයකට යටත්ව දීමනාවක් දීම, පැයකට මූලික වැටුපෙන් 1/90ක අතිකාශ දීමනාවක් ලබාදීම, වැටුප් විෂමතා නිවැරදි කිරීම යන ඉල්ලීම්වලට විසඳුම් දීම ප්‍රමාද කිරීමට විරෝධය පෑම සඳහා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වනු ලැබේ.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4484:------11--&catid=82:us-politics&Itemid=457


No comments:

Post a Comment