Thursday, June 28, 2012

රජයේ රෝහල්වලට ප්රා දේශීය මිලදී ගැනීම් සඳහා වෙන්කරන මුදල් වැඩි කිරීම නාස්‌තියක්‌- සෞඛ්යී සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්රිීය


ඒමන්ති මාරඹේ

රජයේ රෝහල්වලට හදිසි අවශ්‍යතාවකදී බෙහෙත් හා ශල්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීම සඳහා (ප්‍රාදේශීය මිලදී ගැනීම්) වෙන් කරනු ලබන මුදල මෙම වසර (2012) සඳහා නාස්‌තිකාර අයුරින් රුපියල් බිලියන 4 කින් වැඩිකර ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින"ට පැවැසීය. වෙනත් වර්ෂවලදී ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා වෙන් කරන රුපියල් බිලියනයක මුදල මේ අනුව මෙම වසරේදී රුපියල් බිලියන 5 ක්‌ දක්‌වා වැඩිකර ඇතැයි ඔහු කීවේය.

ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ බෙහෙත් හා ශල්‍ය උපරෝහල්වලට ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා අධික මුදලක්‌ වෙන් කිරීම අපරාධයක්‌ කරණ මිලදී ගැනීමේදී විශාල මුදල්
නාස්‌තියක්‌ සිදුවන අතර කොමිස්‌ ලබා ගැනීම් හා මුදල් වංචා බහුලව සිදු වන බැවින් මෙසේ ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා අධික මුදලක්‌ වෙන් කිරීම ජාතික අපරාධයක්‌ බවද ඔහු සඳහන් කළේය. 2011 වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ටෙන්ඩර් හරහා රුපියල් 20 කට මිලදී ගත හැකි ශල්‍ය අත්වැසුම් යුගලයක්‌ ප්‍රාදේශීය මිලදී ගැනීම් හරහා රුපියල් 45 ක්‌ හා රුපියල් 67 ක්‌ වැනි ඉහළ මිලකට මිලදී ගෙන තිබීමත් රුපියල් 2.50 කට මිලදී ගත හැකි සාමාන්‍ය අත්වැසුම් යුගලයක්‌ ප්‍රාදේශීයව මිලදී ගැනීමේදී රුපියල් 7.68 හා රුපියල් 7.80 ක්‌ වැනි තුන් ගුණයකට වැඩි මිලකට මිලදීගෙන තිබීම දූෂණ හා වංචා සිදුවන බවට හොඳම නිදසුන් යෑයි හෙතෙම සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වාර්ෂික බෙහෙත් අවශ්‍යතාව නිවැරැදිව සැලසුම් කර එය ටෙන්ඩර් හරහා මිලදී ගැනීමට ඉදිරියේදී කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා පෙන්වා දෙයි.

http://www.divaina.com/2012/06/29/news13.html

No comments:

Post a Comment