Friday, June 8, 2012

ආණ්ඩුව ලබ්බට තැබූ අත රජයේ වෛද්යo නිලධාරීන්ගේ සංගමයටත් තියලා




‍ජුනි 30 දින පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයේදී අක්‍රමිකතා ඇති වී තිබෙන බවට පැමිණිලි කෙරෙමින් තිබේ. 


මෙම නිලවරණයෙන් පසු පරාජිත පාර්ශ්ව විසින් යම් යම් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යාමට පවා ඉඩ ඇති බවක් ඉඟි වී තිබේ. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 15,000ක සාමාජිකත්වය සහිත ප්‍රබල වෘත්තීය සමිතියකි. වෛද්‍යවරු සිය වෘත්තීය ශක්තිය, කේවෙල් කිරීමේ හැකියාව හා පංති සහයෝගිතා ක්‍රියාමාර්ග ඔස්සේ මේ රටේ වෙනත් වෘත්තීය සමිතිවලට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමින් අයිතිවාසිකම් දිනා ගෙන ඇත. 


දැන් රජයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද පාලනය අවශ්‍යව ඇති බව පෙනේ. මේ අවුල් ඒ සඳහා උපයෝගී කර ගනිමින් තිබේ. 


රජය හෙද සේවා වෘත්තීය සමිති ශක්තිය කඩාකප්පල් කළ අන්දම අධ්‍යයනය කිරීම මෙහිදී වැදගත් ය. අද බහුතර හෙද පිරිසක් සාමාජිකත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප්‍රශ්න හමුවේ නිර්වින්දනය කර තැබීමට එහි නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව සමත් වී තිබේ. ඒ වෙනුවෙන් මුට්ට කාසි වංචා සම්බන්ධ පරීක්ෂණවලින් ආරක්ෂාව හා වෙනත් වරප්‍රසාද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන්ට ලැබේ. 


අද වන විට හෙද සේවයේ වෘත්තීය සමිති අතර තරගය ඇත්තේ ඉල්ලීම් දිනා ගැනීමට වඩා තම සම්මේලනයට සෞඛ්‍ය ඇමති ගෙන්වා ගැනීම වැනි නො වටිනා කරුණු අරභයා ය. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද බලයේ එල්ලී සිටින්නන් සාමාජිකයන්ට එරෙහිව රජයේ සහයෝගය ඉල්ලා සිටින දිනයක් උදා වුවහොත් එය වෛද්‍ය වෘත්තියට ද කණ කොකා හඬන දිනයක් වනු ඇත. 


http://w3lanka.blogspot.com/2012/05/blog-post_30.html

No comments:

Post a Comment