Monday, July 2, 2012

ඩෙංගු කීටයා චලනය වන්නේ "එස්‌" හැඩයට


චමින්ද සිල්වා

සාමාන්‍ය මදුරු කීටයන්ගෙන් ඩෙංගු මදුරු කීටයන් හඳුනා ගත හැක්‌කේ ඩෙංගු මදුරු කීටයා "එස්‌ අකුර" හැඩයට නිතර චලනය වීමෙන් යෑයි සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක්‌ ඊයේ (01 වැනිදා) "දිවයින"ට පැවැසීය.

සාමාන්‍ය මදුරු කීටයන් ජලයේ එල්ලී සිට චලනයක්‌ දැක්‌වූවත් ඩෙංගු මදුරු කීටයා "එස්‌ අකුර" හැඩයට නිතරම චලනය වීම සිදුකරන බවද හෙතෙම කීය.

සාමාන්‍ය මදුරු බිත්තර මෙන් නොව ඩෙංගු මදුරු බිත්තර වියළි තත්ත්වයක්‌ යටතේ වසරක පමණ කාලයක්‌ පැවතුණත් ජලය ලැබීමෙන් පසු ඩෙංගු මදුරුවන් බෝවන බවද හෙතෙම කීය. එමෙන්ම ඩෙංගු මදුරුවා විවිධ පරිසරයන්ට අනුව අනුවර්තනය වෙමින් ජීවත්වන බව මේ වන විට කළ සමීක්‌ෂණවලින් හෙළිවී ඇතැයිද හෙතෙම කියා සිටියේය.


 http://www.divaina.com/2012/07/02/news28.html

No comments:

Post a Comment