Friday, July 13, 2012

අද එක හෙදියකට තිදෙනකුගේ රාජකාරි කරන්න වෙලා රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි


ඒමන්ති මාරඹේ

රජයේ රෝහල්වල පවතින උග්‍ර හෙද හිඟය හේතුවෙන් හෙදියන් තුන්දෙනකුගේ රාජකාරි කටයුතු එක්‌ හෙදියකට කිරීමට සිදුව ඇතැයි රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (12 වැනිදා) ලිsssපියක්‌ යවමින් කියා සිටිති.

අහිංසක රෝගීන් පිළිබඳ සැලකිලිමත් වෙමින් මහත් වූ දුෂ්කරතා මධ්‍යයේ සිය රාජකාරි කටයුතු ඉටු කරන මෙම හෙදියන්ගේ වැටුප් විෂමතාවන් ඉවත් කිරීම ඇතුළු සේවා ඉල්ලීම් 15 ක්‌ සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් ඔවුන් අමතර සේවාවන් නතර කිරීමට ඉඩ ඇති බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ පැවසූහ. යම් හෙයකින් එවැනි තත්ත්වයක්‌ උද්ගත වුවහොත් ශල්‍යාගාර හා රෝහල් වසා දැමීමට සිදුවනු ඇතැයි උන්වහන්සේ කීහ.

හෙද සේවා ඉල්ලීම් මුල්කරගෙන රජයේ රෝහල් හෙද කාර්ය මණ්‌ඩලය ලබන අගෝස්‌තු 3 වැනිදා දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය තීරණය කර තිබේ.






  http://www.divaina.com/2012/07/13/news21.html

No comments:

Post a Comment