Friday, July 13, 2012

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට එරෙහිව අල්ලස්‌ කොමිසමට පැමිණිල්ලක්‌

අජිත් අලහකෝන්

සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඖෂධ හා උපකරණ මිලට ගැනීම නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරල්වරයා විසින් 2005 සහ 2008 කාලය තුළ රුපියල් කෝටි තුන්සිය පනස්‌ හතරක මුදලක්‌ විනාශකර ඇතැයි පවසමින් ඊයේ (13) අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන ලදී.

මහජන මුදල් මෙතරම් ප්‍රමාණයක්‌ වැය කර තිබෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව දේශීය වෙළෙඳසල් මගින් ඖෂධ මිලට ගැනීමෙන් බවද පැමිණිලිකරු වන අරුෂන් රනින්කුමාර් නමැති අය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධව 2005, 2006, 2007 සහ 2008 වසරවල විගණකාධිපති වාර්තාවෙන් විගණකාධිපතිවරයාද ප්‍රශ්න කර ඇතැයි පවසන ඉහත පැමිණිලිකරු මේ පිළිබඳව විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින්ද හෙළිකර ඇතැයි සඳහන් කර සිටී.

මෙම කරුණ පිළිබඳව 2010 නොවැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර ඇතැයි පවසන පැමිණිලිකරු සිය පැමිණිල්ල සම්බන්ධව කඩිනමින් විමර්ශනයක්‌ කරන ලෙසද අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී.


http://www.divaina.com/2012/07/14/news05.html

No comments:

Post a Comment