නෙළුව ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා මාරු කරන්නැයි උද්ඝෝෂණ
අවම පහසුකම් යටතේ අපි උපරිමයෙන් ප්‍රතිකාර කළා
උද්ඝෝෂකයන් සමාව ගන්නතුරු වැඩ වරනවා
ප්‍රධාන වෛද්‍ය නිලධාරියා කියයි
නෙළුව - එම්. ගමගේ

පසුගිය 17 වැනිදා දෙබර ප්‍රහාරයකට ලක්‌ව ලංකාගම ප්‍රදේශයේ සිට රෝහලට රැගෙන ආ නිම්නි ප්‍රබෝධා නම් සිව් හැවිරිදි දැරිය මියයැමත් සමග අදාළ වෛද්‍යවරයා වෙත චෝදනා එල්ල වන්නට විය. 30 වැනිදා සෙනසුරාදා නෙළුව නගරයට පැමිණි උද්ඝෝෂකයන් දැඩිව අවධාරණය කර කියා සිටියේ මීට පෙර ද මෙවැනි ක්‍රියා සිදුවී ඇති බවත් එයට, අදාළ වෛද්‍යවරයා වගකිවයුතු බවත්ය. ඒ නිසා ඔහු වහාම රෝහලින් ඉවත් කරන ලෙස බලධාරීන්ට බල කරන බවද උද්ඝෝෂකයෝ කියා සිටියහ.
මේ අවස්‌ථාවේදී අදහස් දැක්‌වූ නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. අයි. ජී. සුනිල් මහතා අවධාරණය කර කියා සිටියේ රෝහලට වෙනත් වෛද්‍යවරයකු ලබාගැනීමට සහ වත්මන් වෛද්‍යවරයා ඉවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර ඇති බවයි. සාමකාමීව උද්ඝෝෂණය පැවැති බවත් එය කඩාකප්පල් කිරීමට නෙළුව පොලිසිය නිර්ලඡ්ජිත උත්සාහයක නිරත වුණු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ තමන් සහ රෝහල් කාර්ය මණ්‌ඩලය රෝහලේ ඇති අවම සම්පත් භාවිත කරමින් අදාළ දැරියට උපරිමයෙන් ප්‍රතිකාර ලබාදුන් බවයි. එසේම තමාට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරමින් උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයන් රෝහලට පැමිණ ප්‍රසිද්ධියේ සමාව ගන්නා තෙක් රෝහල් කාර්ය මණ්‌ඩලය සහ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.
No comments:
Post a Comment