Thursday, July 12, 2012

හෙදහෙදියෝ අගෝස්‌තු 3 වැනිදා සිට වැඩ වර්ජනයකට යනවා -හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි

ඒමන්ති මාරඹේ

හෙද සේවා ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම ඇතුළු නොවිසදී පවතින හෙද සේවා ඉල්ලීම් 7 ක්‌ මුල් කරගෙන දිවයින පුරා රජයේ රෝහල්වල සේවය කරන හෙද හෙදියෝ ලබන අගෝස්‌තු මස 3 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ "දිවයින"ට පැවැසූහ.

රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසින් පසුගිය කාලය ඇතුළතදී සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හා පැවැති සාකච්ඡාවලදී හෙද සේවා ප්‍රශ්නවලට ලබාදුන් විසඳුම් ක්‍රියාත්මක කිරීම නොසලකා හැර ඇති නිසා මෙම හෙද වර්ජනය ක්‍රියාත්මක කරන බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ කීහ.

සාකච්ඡාවලදී එළඹි විසඳුම් මෙම මස 30 වැනිදාට පෙර ක්‍රියාත්මක නොකරන්නේ නම් අගෝස්‌තු 3 වැනිදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බවත් එහිදී රෝගීන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතාවයක්‌ වේ නම් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් විසින් භාර ගත යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

හෙද කාර්ය මණ්‌ඩලය මෙයට පෙර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ගත් සියලු තීරණයන් හෙද සංගමය මැදිහත්වී නවතා දැමුවද පවතින තත්ත්වය මත මින් ඉදිරියට එසේ කළ නොහැකි බව මුරුත්තෙට්‌ටුවේ හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
  



http://www.divaina.com/2012/07/12/news51.html

No comments:

Post a Comment