Friday, July 13, 2012

ජනපති අතින් නව පත්වීම් ලිපි බාරදෙයි:අමාත්‍යාංශ 18 කලේකම්වරුන්ට මාරුවීම්

අනුර බාලසූරිය

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (12 වැනිදා) සිට ක්‍රියාත්මකවන පරිදි අමාත්‍යාංශ 18 කට නව ලේකම්වරුන් පත්කරනු ලැබ ඇත.

එම පත්කළ අමාත්‍යාංශ නව ලේකම්වරුන් 18 දෙනාට ජනාධිපතිවරයා නව පත්වීම් ලිපි ඊයේ (12 වැනිදා) සවස අරලියගහමන්දිරයේදී ප්‍රදානය කළේය. එම නව ලේකම්වරුන් මෙසේය. මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් එච්. පී. සී. හේරත් මහතාද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් අනුර සිරිවර්ධන මහතා ද, සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වෛද්‍ය වයි. ඩී. නිහාල් ජයතිලක මහතා ද, සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු මහතා ද, රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ඩබ්. එන්. බන්දුසේන මහතා ද, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් ජී. කේ. ඩී. අමරවර්ධන මහතා ද, ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් යූ. ආර්. සෙනෙවිරත්න මහතා ද, දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් ලලිත් කන්නන්ගර මහතාද, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් ඩබ්. ඒ. නිහාල් සෝමවීර මහතා ද, සංස්‌කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වසන්ත ඒකනායක මහතා ද, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් පී. එච්. එල්. ඩබ්. පෙරේරා මහතා ද, ක්‍රීඩා අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් ඒ. එම්. ජයවික්‍රම මහතා ද, සමාජ සේවා අමාත්‍යංශයේ නව ලේකම්වරිය වශයෙන් එම්. ඒ. ඉමෙල්ඩා සුකුමාර් මහත්මිය ද, නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් පී. එච්. ඡේ. බී. සුගතදාස මහතා ද, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා ද, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් එම්. කේ. බී. දිසානයක මහතා ද, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් චරිත හේරත් මහතා ද, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ නව ලේකම්වරිය වශයෙන් කේ. පී. කේ. පෙරේරා මහත්මියද මෙසේ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ ඇත.


 http://www.divaina.com/2012/07/13/news30.html

No comments:

Post a Comment