Monday, July 16, 2012

ඖෂධ දූෂණ ගැන දූෂණ කොමිසමේ පැමිණිල්ලක්


2012 ජූලි මස 10 11:49:44 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
සෞඛ්‍ය සේවාවේ පරිපාලකයින් හා විවිධ අධ්‍යක්ෂවරුන් විසින් කරන ලදැයි කියන ගනුදෙනු සම්බන්ධයෙන් හා ඖෂධ හා වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේදී සිදුවූ දූෂණ වංචා පිළිබඳ වහා සොයා බලා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අද අල්ලස් හා දූෂණ වංචා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
තමන් මෙම පැමිණිල්ල ලිඛිත සාක්කිද සමග ඉදිරිපත් කරන බව රජයේ මුදල් මෙලෙස නාස්ති කිරීම නිසා අසරණ රෝගීන්ට ලැබිය යුතු සහන නැතිවී ගිය බවත් සම්මේලනය කියයි.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් හරේන්ද්‍ර කුරුප්පු, නජිත් සුමනසේන, උදේනි දසනායක, පී.එච්.ජී. දයානන්ද ඇතුළු මහත්වරු පිරිසක් පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණියහ.

 

http://www.lankadeepa.lk/index.php/articles/52541

No comments:

Post a Comment