Tuesday, July 3, 2012

ඩෙංගු මර්දනයට හෙද කාර්ය මණ්ඩලයත්


2012 ජූලි 01 වෙනි ඉරිදා, 08:00 පුවත් - පොදු පුවත් 2

(කොළඹ-ලංකාපුවත්) දිවයින පුරා මේ වන විට සිදුකෙරෙන ඩෙංගු මදුරු මර්දනය සඳහා හෙද කාර්ය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසීය.
ඒ අනුව, මදුරු මර්දනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට සමස්ථ හෙද කාර්ය මණ්ඩලයෙන් කොටසක් යෙදවේ.
විසි දහසකට අධික හෙද කාර්ය මණ්ඩලයක් දිවයින පුරා රෝහල්වල සේවය කරන අතර රාජකාරියට බාධාවක් ඇති නොවන අයුරින් හෙද කාර්ය මණ්ඩලය මේ සඳහා යෙදවීමට අපේක්ෂා කෙරේ.

http://www.lankapuvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=23651:2012-06-30-08-59-50&catid=90:--2&Itemid=555


No comments:

Post a Comment