Sunday, July 15, 2012

රෝහල් අඩු පාඩු සොයන කමිටුවට මාධ්‍යවේදීනුත්

නෝමන් පලිහවඩන

බස්‌නාහිර පළාතේ රෝහල් 150 ක අඩුපාඩුකම් ඇතුළු රෝගීන් මුහුණ පාන ගැටලු පිළිබඳ විශේෂ විමර්ශනයක්‌ කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් සැදුම් ලත් කමිටුවක්‌ ළඟදීම පත් කිරීමට තීරණය කර ඇතැයි බස්‌නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ දොස්‌තර අමල් හර්ෂ ද සිල්වා මහතා "දිවයින"ට පැවැසීය.

මෙම මාධ්‍ය කමිටුව දෙනු ලබන තොරතුරු මත එම ප්‍රශ්න සොයා බලා ඒවා විසඳීමට ඉක්‌මන් ක්‍රියාමාර්ග ගන්නා බවද කී දොස්‌තර අමල් හර්ෂ ද සිල්වා මහතා මේ සඳහා මාධ්‍ය කමිටුවක්‌ පත් කිරීමට තීරණ කළේ ඇත්ත ඇති සැටියෙන්ම ඔවුන් ගෙන් තොරතුරු ලබා ගැනීමට හැකි වෙන නිසා. වැඩිදුරටත් පැවසීය.

රෝහල් ආපන ශාලාවල අඩුපාඩු, මිල ගණන්, රෝහල් බෙහෙත් හිඟය අපවිත්‍රකම යනාදී සෑම කරුණක්‌ම සොයා බැලීමට මෙම මාධ්‍ය කමිටුවට හැකි වෙනු ඇත.

මාධ්‍ය කමිටුව මෙම විමර්ශන කටයුතු සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ දොස්‌තර අමල් හර්ෂද සිල්වා මහතාගේ පෞද්ගලික අධික්‌ෂණය යටතේ සිදු කෙරෙනු ඇත.


 http://www.divaina.com/2012/07/15/news13.html

No comments:

Post a Comment