Sunday, July 15, 2012

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ තනතුරේ තටු කැපේ


අජිත් අලහකෝන්

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරේ මෙතෙක්‌ කලක්‌ තිබූ අසීමාන්තික බලතල මණ්‌ඩලයක්‌ වෙත පැවරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

මෙරට ඖෂධ ගෙන්වීමටත්, ආහාරපාන ලියාපදිංචිය සඳහා අනුමැතිය ලබාදීමටත් තනි බලයක්‌ මෙතෙක්‌ කලක්‌ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සතුව තිබිණි.

මෙවැනි අසීමාන්තික බලයක්‌ තනි පුද්ගලයකු වටා තිබෙද්දී ඖෂධ ගෙන්වීමේදීත්, ආහාරපාන ලියාපදිංචියේදීත් විවිධ දූෂණ හා අක්‍රමිකතා සිදුවන නිසා ඇමැතිවරයා මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය"ට කීවේය.

ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ජාතික ඖෂධ ප්‍රමිති අධිකාරි පනත යටතේ විශේෂ මණ්‌ඩලයක්‌ පිහිටුවා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සතු අසීමාන්තික බලතල එකී මණ්‌ඩලයට පැවරීමට ඇමැතිවරයා තීරණය කර ඇතැයි ඉහත නිලධාරියා කීවේය.

 
http://www.divaina.com/2012/07/15/news14.html

No comments:

Post a Comment