Monday, July 16, 2012

ඇමැති-ලේකම් එක මතයකට ආවොත්අරමුණ ජය ගැනීම ඉතා පහසුයි-සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන

ශිරාන් රණසිංහ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරම් කැලෑ පත්තර ගැහිල්ලක්‌ වෙන කිසිම ආයතනයක නැතැයිද කැලෑ පත්තර ගැහිල්ල, ගැලවිල්ල අපට ගැළපෙන දේවල් නොවේ යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ඊයේ (16 වැනිදා) වැඩභාරගත් අවස්‌ථාවට සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් කථා කළ ඇමැතිවරයා මෙසේද පැවැසීය. සෞඛ්‍ය ඇමැති, සෞඛ්‍ය ලේකම් යන තනතුරු දෙක පුද්ගලයන් දෙන්නෙක්‌. ඒ වුණත් මේ පුද්ගලයන් දෙදෙනා එක අරමුණක්‌, එක මතයකට ආවොත් විතරයි අපිට අරමුණු ජය ගන්න පුළුවන් වෙන්නේ. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස මම ඒ බව අත්විඳපු කෙනෙක්‌.

සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කියන්නේ අමාරු ක්‍ෂේත්‍රයක්‌ නොවෙයි.

සෑම කෙනෙක්‌ම තම තමන්ගෙ වගකීම, යුතුකම ඉෂ්ට කළ යුතුයි. රාජ්‍ය සේවයෙන්, දේශපාලනයෙන් අනෙකුත් සෑම ක්‍ෂේත්‍රයකමත් කණ්‌ඩායම් හතරක්‌ ඉන්නවා.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තරම් කැලෑ පත්තර ගහන තැනක්‌ වෙන නැතුව ඇති. පිරිසක්‌ අලවගෙන යනකොට තව පිරිසක්‌ ගලවනවා. රාජකාරියි, පෞද්ගලික ජීවිතයි පටලවා ගෙන. වෙන ආයතනවල මෙහෙම නෑ. ඒ මොන දේ වුණත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නඟාසිටුවන්න නම් මේ සියලු දෙනා එකට එකතු වෙලා වගකීමෙන් සිය කටයුතු කළ යුතුයි.


http://www.divaina.com/2012/07/17/news27.html

No comments:

Post a Comment