Monday, July 2, 2012

වෛද්‍ය පාදෙනිය යළි සභාපති පදවියට




අජිත් අලහකෝන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළිත් වරක්‌ ස්‌නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ (ළමා) අනුරුද්ධ පාදෙනිය මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පෙරේදා (30 දා) පැවැති අතර වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සමග සභාපති තනතුර සඳහා තරග කරනු ලැබුවේ වෛද්‍ය බලවර්ධන මහතාය.

වෛද්‍ය පාදෙනිය මහතා ඇතුළුව මෙම සංගමයේ පසුගිය වසරේදී කටයුතු කළ සියලුම නිලධාරීන් මෙම වසරවල පත්වීම විශේෂත්වයකි.

මේ සඳහා උණුසුම් ඡන්ද විමසීමක්‌ පැවැති අතර අනුරුද්ධ පාදෙනිය මහතා සියයට හැත්තෑවක පමණ ඡන්ද ප්‍රමාණයකින් සභාපති තනතුර සඳහා පත්ව ඇත.

ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙස විශේඥ වෛද්‍ය චන්දික එපිටකටුව මහතා පත්විය. උප සභාපතිවරුන් ලෙස විශේෂඥ ස්‌නායු ශල්‍ය වෛද්‍ය සමන් වඩනම්බි සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් කරුණාතිලක යන මහත්වරුන්ද භාණ්‌ඩාගාරික ලෙස වෛද්‍ය කේ. මිල්රෝයි මහතා ද පත්විය.

සහකාර ලේකම්වරුන් ලෙස වෛද්‍ය නලින් ආරියරත්න, වෛද්‍ය ලසන්ත ජිනදාස, වෛද්‍ය නාත් විඡේසූරිය, වෛද්‍ය චාමින්ද ගුණතිලක යන මහත්වරුද තේරී පත්වූහ. 


 http://www.divaina.com/2012/07/02/news10.html

No comments:

Post a Comment