Wednesday, September 21, 2011

හෙදියෝ 2600 ක් කැළණියේ සිල්ගන්වති



            පුහුණු වෙමින් සිටින හෙදියන් 2600 ක් කැළණිය පන්සල වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් ශීල      වා්යාපාරයට බලෙන් සහබගී කරවාගෙන ඇත. මෙය කිරිඅම්මලාට දානයක් දුන්නා වැනි තවත් වැඩක මෙය         කර ගසා අදින්නේ රාජ් සේවා එක්සත් හෙද සංගමයේ ආනන්ද මුරුත්තෙට්ටුව හිමි නමයි. කැළණිය පන්සලේ  ආරම්භ වූ මේ ශීල ව්යාපාරය  සඳහා එන්.ටී.එස්, පශ්චාත් ප්රාථමික හෙද විදුහල ආදී කොළඹ ආශ්රිත හෙද විදුහල් රාශියක හෙදියන් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත.
            පුහුණුව ලබන මොවුන් රැගෙන ගොස් ඇත්තේ මොවුන්ගේ කැමැත්තක් නොමැති බලහත්කාරයෙනි. මේ පුහුණු හෙදියන් මේ දිනවල තමන්ගේ විභාගවලට සූදානම් වෙමින් සිටින කාල වකවාණුවයි.ඔවුන් තම විභාග කටයුතුවලට සූදානම් විය යුතු මොහොතක මේ ආකාරයට  ශීල වා්යාපාරයට බලෙන් රැගෙන යාමට කටයුතු කර ඇත. මොවුන් අප සමග කියා සිටියේ තමන්ට සුදු සාරි ඇඳගෙන කැළණිය පන්සලට පැමිණෙන ලෙස නියම කර තිබූ බවයි.
           
මීට මාස කිහිපයකට පෙර කිරි අම්මාවරුන් 1000 කට කිරි අම්මා දානයක් දුන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ නාරාහෙන්පිට තිඛෙන අභායාරාම පංසලේ දීය. එයට හෙදියන් බලහත්කාරයෙන් සම්බන්ධ කර ගෙන තිබුණි

No comments:

Post a Comment