Wednesday, September 21, 2011

හෙද සභාවට හොරෙන්ම පත්වීම්

TIMES OF LANKA



සෞඛ් සේවයේ වැදගත්ම ආයතනය වන හෙද සභාවට සමාජිකයින් පත් කිරීම හොර රහසේම සිදු කර ඇතැයි, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙද සභාවේ
සභාපති ලෙස හොර රහසේම පත් කර ගෙන අත්තේ පසුගිය 18 වෙනිදාය.වෛද්යවරයකු  හෙද සභාවක සභාපති තනතුර දරන එකම රට ශ්රී ලංකාව බව හෙද සංගමය ප්රකාශ කරයි.

හෙද සභාවට නියෝජිතයින් පත් කළ යුත්තේ 1988 අංක 19 දරන හෙද සභා පාර්ලිමේන්තු පනත හා 2005 සංශෝධනයට අනුව බව හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. අප්රේල් 9 වෙනිදා පැවැත් වූ නිලවරණය දූෂිත බව පවසමින් එය අවලංගු කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ පැවරූ නඩුව විභාග වෙමින් පවතින බවද එම සංගමය තවදුරටත් පවසයි.
එබැවින් පනත නෙසළකා සිදු කර ඇති මෙම අසාධාරණ පියවර නිවැරදි කර නීත්යානුකූල හා සාධාරණ ලෙස නිලධාරීන් පත්කිරීම සිදු කරන්නැයි, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් මගින් සෞඛ් ඇමතිවරයා ගෙන් ඉල්ලා සිටී.


No comments:

Post a Comment