Wednesday, September 21, 2011

බඳවා ගැනීමේ ක් රමවේදයට එරෙහි හෙද උද්ඝෝෂණය

Asian Mirror 2011 සැප්තැම්බර් 14 වෙනි බදාදා, 10:33



              හෙද සේවයට බඳවා ගැනීම් ක්රමවේදයෙහි ඇති අක්රමිකතා විසඳන මෙන් ඉල්ලා කොළඹදී උද්ඝෝෂණයක් දියත් කිරීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
             හෙද ව්යවස්ථාවේ 7, 2, 4 වගන්ති අනුව හෙද සේවාව සඳහා බඳවා ගැනීමේදී පො උසස් පෙළ ජීව විද්යා, ගණිතය හා කෘෂි විද්යා ධාරාවන්ගෙන් Z අගය මත පමණක් බඳවා ගත යුතු බව පැහැදිලි කර ඇතැයි සංගමයේ සභාපති සමන් රත්නප්රිය සඳහන් කරයි.
එහෙත් මෙම අධ්යාපන සුදුසුකම් පහත දමා හෙද සේවාවට බඳවා ගැනීමේදී බරපතල ගැටළුවලට මුහුණ දීමට සිදු වන බව හෙතෙම අවධාරණය කරයි.
             අමාත්යංශය ගෙන තිබෙන මෙම තීරණය වහාම ඉවත් කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය ආරම්භ කරන බව සභාපතිවරයා පවසයි.

No comments:

Post a Comment