Wednesday, September 21, 2011

රජයේ හෙද සංගමයෙන් මානව හිමිකම්

http://www.divaina.com/2011/09/21/news06.html


රජයේ හෙද සංගමයෙන් මානව හිමිකම්
කොමිසමට පැමිණිල්ලක්‌


ඒමන්ති මාරඹේ

උතුරු නැගෙනහිර පළාත් හෙද සේවාව සඳහා අඩු අධ්‍යාපන සුදුසුකම් මත නවක හෙද සිසුන් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව අනිද්දා (23 දා) මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක්‌ ගොනු කිරීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

රජයේ හෙද සේවාව සඳහා බඳවා ගැනීමේදී 2010.11.01 දින සිට අ. පො. ස. උසස්‌ පෙළ ජීව විද්‍යා, ගණිත හා කෘෂි විද්‍යා විෂය ධාරාවන්ගෙන් Z අගය මත පමණක්‌ බඳවා ගත යුතු බව හෙද ව්‍යවස්‌ථාවේ 7. 2. 4 වගන්තිය අනුව දක්‌වා තිබියදී එයට පටහැනිව යමින් උතුරු නැගෙනහිර පළාත් හෙද සේවාව සඳහා අ. පො. ස. උසස්‌ පෙළ කලා හා වාණිජ අංශයන්ගෙන් සමත්වූවන් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින" ට පැවැසීය.

මෙම තත්ත්වය මත ඉදිරියේදී නිසි අධ්‍යාපනයක්‌ ලැබූ හෙද නිලධාරීන්ගෙන් රෝගී සත්කාර ලබා ගැනීමට ජනතාවට නොහැකි වන අතර ජාතිකව හා ජාත්‍යන්තරව හෙද සේවාවේ වෘත්තීමය තත්ත්වය හෑල්ලුවට ලක්‌වීමත්, විද්‍යා විෂයයන් මත පදනම් වූ හෙද අධ්‍යාපනය හදාරන කලා හා වාණිජ්‍ය අංශවලින් අ. පො. ස. උසස්‌ පෙළ සමත් හෙද සිසුන්ට හෙද පුහුණු විෂයය නිර්දේශයේ විෂයයන් ග්‍රහණය කර ගත නොහැකි තත්ත්වයක්‌ මතුවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment