Wednesday, September 21, 2011

එක්සත් හෙද සංගමය දිගින් දිගටම හෙද සේවාව පාවාදෙයි

Posted on by gnoasl
හෙද සභාවේ සභාපති ධූරයට වෛද්යවරයෙක්
හෙද සේවාවට තවත් කඵ පැල්ලමක් ඉතිරි කරමින් 2011.04.09 දින හෙද සභා නිළවරණය නිමාවට පත්විය. මෙම හෙද සභා නිළවරණය ආරම්භයේ සිටම රාජ් සේවා එක්සත් හෙද සංගමයේ ¥ෂිත හස්තයට හසු විය. 24,000 ආසන්න ලාංකීය හෙද සේවාවෙන් ඡුන්දය රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබුනේ 7100 ආසන්න සංඛ්යාවකට පමණි. සුදුසුකම් නොලත් පුද්ගලයන් හෙද සභාවට රිංගවා ගැනීමට එක්සත් හෙද සංගමය මුල සිටම උත්සාහ කලේය. අඩුම තරමින් සමහර අපේක්ෂකයන්ට මෙහිදි ඡුන්ද අයිතිය හිමි වුයේ නැත. මේ ආකාරයට හෙද සභා පාර්ලිමේන්තු පනත පවා උල්ලංඝණය කරමින්, 2011.04.09 දින සෞඛ් බළධාරින් විසින් එක්සත් හෙද සංගමයට අවශ් ¥ෂිත ආකාරයට නිළවරණය පවත්වන ලදි
හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් රියාකල එකම හෙද සංගමය ලෙස අප මෙම ¥ෂිත නිළවරණයට මුල සිටම විරුද්ධ වුයෙමු. මේ වන විට මෙම ¥ෂිත නිළවරණයේ රතිඵල අහෝසි කර, සාධාරණ නිළවරණයකින් සුදුසුකම් ලත් පුද්ගලයින් පත් කරන මෙන් ඉල්ලා අප සංගමය අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.
මේ අතරතුර 2011.07.18 වන දින සෞඛ් බළධාරීන් විසින් නීත්යානූකූල නොවන ලෙස හෙද සභාව ස්ථාපිත කරන ලදි. මෙයද හෙද සභා පනත උල්ලංගණය කිරීමකි. කල යුත්තේ සෞඛ් ඇමතිවරයා විසින් අදාල නාමලේඛනය ගැසට් කිරිම මගින් හෙද සභාව පිහිටුවීමයි.
නමුත් හාස්යයට කරුණ නම් මෙය නොවේ. මෙම හෙද සභාවේ සභාපතිධූරය සඳහා සෞඛ් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පත් කර ගැනීමයි. හෙද සභාවේ සභාපති විය යුත්තේ හෙද නිලධාරියෙකු වන අතර වෛද්යවරයෙකු නොවේ. හෙද සභාවේ සභාපති ධූරයට වෛද්යවරයෙකු පත් කර ගැනීමට ගත් තීරණය එක්සත් හෙද සංගමයේ තීරණයක් වන අතර, එ් සඳහා යෝජනා කිරීම හා ස්ථිර කිරීම කර ඇත්තේ එම සංගමයේ සාමාජිකයන්ය. ලෝකයේ කිසිම රටක හෙද සභාවක රධාන තනතුරු වෛද්යවරුන්ට හෝ වෙනත් සේවාවල අයට හිමි වී නොමැත. සෞඛ් සේවා අධ්යක්ෂ ජනරාල් සමඟ අපට පුද්ගලික ගැට`ඵවක් නොමැති බව පැහැදිලිව කිව යුතුය. නමුත් මෙම පත්වීම සමස්ථ හෙද සේවාවම පාවාදීමක් බව කිව යුතුය.
පෞද්ගලික අංශයේ හෙදියන්ට වෛද් සභාවේ ලියාපදිංචිය
වෛද් සභාවේ හෙද නිලධාරියෙක් ලියාපදිංචි වීම සඳහා අවශ්යතා ගණනාවක් සම්පූර්ණ කල යුතුය. රජයේ ශිෂණ රෝහලකට අනුබද්ධ හෙද විදුහලකින් තුන් අවුරුදු හෙද පුහුණුව හදාරා තිබීම අනිවාර්ය සුදුසුකමකි. නමුත් ලංකා හොස්පිට්ල් (ඇපලෝ* නමැති පෞද්ගලික රෝහලේ හෙදියන් 30 කට මේ වන විට වෛද් සභාවේ ලියාපදිංචිය ලබාදී තිබේ. මේ සඳහා සෞඛ් බළධාරීන් මෙන්ම හිටපු හෙද අධ්යාපන අධ්යක්ෂිකාව අනුමැතිය ලබා දී තිබේ. මෙය ලාංකීය හෙද සේවාව ආපස්සට හැරවීමට කල තවත් කුමන්තරණයකි. දයාබර සොයුරු සොයුරියනි, තවත් නොබෝ දිනකින් අනෙකුත් පෞද්ගලික රෝහල් වල හෙද නිලධාරීන්හට වෛද් සභාවේ ලියාපදිංචිය ලබා දෙනවා නොඅනුමානය. රාජ් සේවා එක්සත් හෙද සංගමය තවමත් මේ පිළිබඳව මුනිවත රකින්නේ කාගේ උවමනාවට දැයි අපි සිතා බැලිය යුතුය.
හෙද සේවාව ආපස්සට කලා අංශයෙන් හෙද සේවාවට
1999
සිට ලාංකීය හෙද සේවාවට ශිෂ්යයින් බඳවා ගන්නේ උසස් පෙළ විද්යා විෂයයන් හැදැරූ අය පමණි. පසුව එය අගයන් මට්ටමට දියුණු වීම හෙද සේවාව ලැබු ජයගරහණයකි. නමුත් මේ වන විට උතුරු නැගෙනහිර පළාත් සඳහා උසස් පෙළ කලා අංශයෙන් අයදුම් පත් කැඳවීමට සෞඛ් බළධාරින් රියා කරන ලදි. අප සංගමයේ මැදිහත් වීම මත මෙම බඳවා ගැනීම ටික කලකට රමාද කලත් මේ වන විට හෙද විදුහල් සඳහා කලා විෂයයන් හැදැරූ ශිෂ්යන් බඳවා ගැනීමට සෞඛ් බළධාරීන් රියා කරමින් සිටි. මෙයට එක්සත් හෙද සංගමය සම්පූර්ණ එකඟතාවය පලකර ඇති බව අද හෙලිදරව් වී ඇත. අප කල යුත්තේ හෙද අධ්යාපනය ඩිප්ලෝමා මට්ටමින් උපාධි මට්ටමට ඔසවා තැබීම වුවද සෞඛ් බළධාරීන් හා වෛද් සංගමය එක්ව ඔවුනට අවශ් ආකාරයට අද හෙද අධ්යාපනය කප්පාදු කරන බව පැහැදිලිව පෙනේ. හෙද සේවාවට කුුමක් වුවත් එ් දෙස බලා සිටීම හැර සේවාවේ උන්නතිය වෙනුවෙන් යමක් කිරීමට එක්සත් හෙද සංගම් නායකත්වයට උවමනාවක් නැත.
රජයේ විශ්ව විද්යාල විලින් මේ වන විට හෙද උපාධිධාරීන් විශාල රමාණයක් බිහි වී ඇත. ඉදිරියේ දී තවත් විශාල රමාණයක් ඔවුනට එකතු වේ. මොවුන් රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනීමට විරුද්ධ වුයේ එක්සත් හෙද සංගමයයි. හෙද උපාධියේ කාලය අවුරුදු 4 සිට 3 දක්වා කප්පාදු කරන විට අන්ධයන් සේ සිටි එම සංගමය උපාධිධාරීන් බඳවා ගැනීමට විරුද්ධ වීම පුදුමයක් නොවේ.
දයාබර සොයුර, සොයුරිය……..දැන්වත් සිතන්න. තවමත් ඔබ රමාද නැත. අපි හැම අසාධාරණයක්ම දිගින් දිගටම විද දරා ගන්නවාද ? නැතිනම් කොන්ද කෙලින් තියාගෙන සටන් කර ජයගරහණය කරනවාද ?
ඔබ කල යුත්තේ නමින් පමණක් වෘත්තීය සමිතියක් වන සංගම් වලින් ඉවත් වී හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් රියා කරන එකම හෙද සංගමය වන අප සංගමය සමඟ අත්වැල් බැඳ ගැනීමයි. හෙද සේවාව ජයගරහණය කරවීමේ සටනට ඔබත් හැකි ඉක්මනින් දායක වන්න. මෙම සටනට විශ්වාසනීය නායකත්වයක් හා මඟ පෙන්වීමක් ලබා දීමට අප සංගමය සූදානම් බව පැහැදිලිව රකාශ කරන්නෙමු.
හෙද සභාවට ¥ෂිත නොවන නිළවරයකින් නියෝජිතයන් යළි පත්කර ගනිමු !
කලා අංශයෙන් බඳවා ගැනීම පරාජය කරමු !
හෙද සේවාවට ජය !
හෙද සේවාවට සාධාරණය ඉටු කිරීමට රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය සමඟ එකතු වෙමු.
සමන් රත්නපරිය

No comments:

Post a Comment