Monday, September 26, 2011

හෙද නිලධාරී සංගමය මානව හිමිකම් සොයයි








(2011-09-22) වසු
  හෙද සේවාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට රජය ක්‍රියාකර ඇති බව පවසමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරිමට තීරණය කර තිබෙනවා.
කලා හා වාණිජ අංශ වලින් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කිරිම මීට හේතුවයි.
2010-10-10 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු හෙද සේවා ව්‍යවස්ථාව අනුව හෙද සේවයට බඳවා ගත යුතු වන්නේ උසස් පෙළ විද්‍යා අංශයේ Z අගයන් මත පමණයි.
මේ කොන්දේසි ඉවත් කිරීම හේතුවෙන් හෙද සේවාවේ වෘත්තීයමය තත්වයට බලපෑමක් වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අදහස් කරනවා.
එබැවින් මෙම තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා හෙට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

No comments:

Post a Comment