Monday, September 26, 2011

හෙද සභාවේ නුසුදුස්සෝ-නෑ එහෙම නෑ

Ada derana sathya prathamayen
September 26, 2011  03:27 pm

හෙද සභාව පත්කිරීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ මෙය හෙද සේවාවට බරපතල ගැටලුවක්ව ඇති බවයි.

ඒ අනුව හෙද සභාව පත්කිරීමේ දී නුසුදුසු පුද්ගලයින් එයට ඇතුළත් කර ඇති බවට සමන් රත්නප්‍රිය මහතා චෝදනා කරයි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ද මෙම අක්‍රමිකතා පසුපස සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් විමසීමක් කරන ලදී.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම නිසා මෙවැනි අසත්‍ය චෝදනා සිදුකරන බවයි.

No comments:

Post a Comment