Monday, September 26, 2011

හෙද නිලධාරීන්ට දෙන මානසික පුහුණුව අවුල් බවට චෝදනා

September 26, 2011  10:12 am
හෙද නිලධාරීන් සඳහා ආරම්භ කරන ලද මානසික හෙද පුහුණු පාඨමාලාව අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යාපන අධ්‍යක්ෂිකාවගේ වැරදි තීරණ මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

පිරිමි හෙද නිලධාරීන් සඳහා පමණක් වන මාස 6ක පාඨමාලාවක් වන මෙය සැප්තැම්බර් මස 1 වැනි දින සිට ආරම්භ කරනු ලැබිණි.

එසේ වුවද මෙම පාඨමාලාව සඳහා බඳවා ‍ගෙන ඇති 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට කාන්තාවන් 36 දෙනෙකු ඇතුළත් වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එමෙන්ම යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාත් සභාවේ කිසිඳු ප්‍රධාන රෝහලකින් හෙද නිලධාරියෙකු මේ සඳහා තෝරාගෙන නොමැති බව ද සඳහන්වේ.

මෙම තෝරා ගැනීම හෙද අධ්‍යාපන අධ්‍යක්ෂිකාවගේ අභිමතය මත පමණක් සිදු කර ඇති අතර අමාත්‍යාංශ චක්‍රලේඛනය සම්පූර්ණයෙන් පැහැර හැර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment