Tuesday, September 27, 2011

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු

27th September 2011
Rangiri Sri Lanka radio news



               දක්ෂිණ අධිවේගී මාර්ගයේ හදිසි අනතුරුවලට ලක්වන්නන් සඳහා ප්රතිකාර කිරීමට විශේෂ කණ්ඩායමක් යොදවයි. අනුව විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් තිස් පස් දෙනෙකුට හදිසි අනතුරු ප්රතිකාර ලබා දීමේ පුහුණුවක් කොළඹ ජාතික රෝහලේ ආරම්භ කර තිබේ.ජනාධිපති මහින්ද රාජපක් මහතාගේ උපදෙස් මත පුහුණු වැඩසටහන ඊයේ ආරම්භ කෙරිණි.මෙහි දී හදිසි අනතුරුවල දී ප්රථමාධාර පිළිබඳ දැනුවත්භාවයක් නොමැති වීමෙන් රෝගියා රෝහලක් වෙත ගෙන ඒමට උත්සහ දැරීමේ දී අභ්යන්තර රුධිර වහනයන් සිදුවිය හැකිය.මෙවැනි තත්වයන් පිළිබඳ මනා දැනුවත්භාවයක් ලබාදෙමින් අදාළ පුහුණු  වැඩසටහන ක්රියාත්මක කරනු ඇත.ජාතික රෝහලේ විශේෂ හෙද නිළධාරිනි පුෂ්පා රම්යානි සොයිසා මෙනවියගේ සම්බන්ධිකරණය යටතේ පුහුණු කටයුතු සිදුකරයි.
(::-කුමුදු)

No comments:

Post a Comment