Monday, September 26, 2011

ඩෙංගු මර්දන වැඩපිළිවෙළ අසාර්ථකයි

Sirasa puwath
Monday , 26 September 2011
රජය ආරම්භ කළ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ අසාර්ථක බව සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරති.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසුවේ ඩෙංගු මර්දන කටයුතු විධිමත් නොවීම ඊට හේතු වී ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ 30,000ක් පමණ වූ ව්‍යාජ වෛද්‍යවරුන් පරිසක් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ආයතන මෙම තත්ත්වයට වගකිව යුතු බවත් රජයේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර සඳහන් කළේය.
මේ අතර සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක ප්‍රකාශ කළේ රජයේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ ඇල්මැරුණු ස්වභාවයට පත්ව ඇති බවයි.
ර‍ජයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැලැස්තර ප්‍රතිපත්තිය ඩෙංගු මර්දන වැඩපිළිවෙළ අසාර්ථකවීමට හේතු වී ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේය.
රජයේ ඩෙංගු මර්දන වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ පැවසුවේ මදුරු මර්දන පනත අසාර්ථක බවත් එය විධිමත් පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව ඇත බවයි.
මෙම චෝදනා පදම් විරහිත බව සෞඛ්‍ය වෘත්තීය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක පවසයි.
ඔහු පැවුසවේ රාජ්‍ය සේවකයින් පොලිසිය සහ හමුදාව යොගනිමින් ඩෙංගු මර්දනය කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.
මේ අතර වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 18,440 දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ අදාළ කාලය තුල පුද්ගලයින් 138 දෙනෙකු ඩෙංගු රෝගය හේතුවෙන් මියගොස් ඇති බවයි.

No comments:

Post a Comment