Tuesday, March 13, 2012

වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය වෛද්‍යවරු අදට කල් දමති

ඒමන්ති මාරඹේ

රජයේ වෛද්‍යවරුන් සඳහා ලබා දෙන කැඳවීම්, බාධා කිරීම් හා ප්‍රවාහන දීමනාව වැඩි නොකිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කිරීම සඳහා පෙරේදා (11 දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ පැවැති එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී අදාළ ක්‍රියාමාර්ගය තීරණය කිරීම අද (13 වැනිදා) දක්‌වා කල් දැමීමට තීරණය වූ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ආරංචිමාර්ග පැවසීය.

වෛද්‍යවරුන්ගේ කැඳවීම්, බාධා කිරීම් හා ප්‍රවාහන දීමනාව රුපියල් 14,000 කින් වැඩි නොකිරීමට එරෙහිව ගත යුතු ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව පෙරේදා 11 දා පැවැති රැස්‌වීමේදී තීරණයක්‌ ගන්නා බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සතියේ සඳුදා (5 දා) නිවේදනය කර තිබිණි.

Divaina 2012.03.13

No comments:

Post a Comment